මේ වනවිට ගෘහස්ත ගෑස් සිලින්ඩර් කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු සදහන් කර සිටින්නේ අදාළ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් බව සපුගස්කන්ද පිරිපහදුවේ හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ගෑස්වල බියුටේන් සහ ප්‍රොපේන් 80% සහ 20% ප්‍රතිශතයක් පැවතිය යුතු වුවත් මේ වනවිට ගෑස්වල එය 50%-50% ප්‍රතිශතයෙන් පවතින බවකි.
මෙසේ ප්‍රොපේන් සංයුතිය ඉහළ දැමීම මෙම පුපුරා යාමට හේතුව බවද හෙතෙම සදහන් කළේය.
ස්වාධීන නියැදි පරීක්ෂාවකට තමන්ට නැවට යාමට ඉඩ දුනහොත් රටට සත්‍ය කීමට හැකි බවද ඒ මහතා කීය.
සුදුවැල්ල මහතා සපුගස්කන්ද පිරිපහදුව, සෞදි අරාබියේ සමනෝල් පිරිපහදුව, ඉතාලි ලිවානෝ පිරිපහදුව යන ආයතනවල ඛනිජතෙල් උපදේශකවරයකු ලෙස සේවය කර ඇති විද්වතෙකි.










