සුදුළූණු වංචාවට අදාල සියළු දත්ත දැන් මකමින් පවතින බවත්, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එම තනතුරුවල තබාගෙන පරීක්ෂණ සිදු කොට පළක් නොමැති බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු ප්‍රධානියකු වන තුෂාන් ගුණවර්ධන මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ සංචාරක බංගලා පාවිච්චි කරන්නේ ඇමති බන්දුලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය බවයි.
එමෙන්ම ලක් සතොස ට බඩු දාන්න නම් අල්ලස් දිය යුතු බව කී ඒ මහතා ලක් සතොස මිලියන 270ක ෂොපින් බෑග් කොන්ත්‍රාත්තුව යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුගේ ඥාති පුතෙකුට ලබා දී ඇති බවත් කීය.
තේ බීමට පමණක් මිලියන 29ක් මෙම ආයතනයේ වැය කොට ඇති බව කී ඒ මහතා ඇමති කාර්ය මණ්ඩලය ලියුම ගසා සංග්‍රහ වියදම් ඉල්ලීමම නීති විරෝධී බව පෙන්වා දුන්නේය.
මේ කරුණු සැල කිරීමට ජනාධිපතිවරයගෙන් වෙලාවක් ඉල්ලා ඇති බවත්, සිය කතාව ඇසුූූ විගස ජනාධිපතිවරයා සතොස වසා දමනු ඇති බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.










