බොර තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, පිරිපහදුව සහ බෙදාහැරීම යන සියලු දෑ පෞද්ගලික අංශයටද කළ හැකි පරිදි බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීමත් සමග ඊට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තීය සමිති විරෝධය පළ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී සංස්ථාවේ සියලු වෘත්තීය සමිති අස්සන් තැබූ ලිපියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට බාර දීමට ඔවුන් පියවර ගෙන ඇත.
මෙම ලිපිය මගින් වහාම තෙල් ගෙන්වීම ඇතුලු කටයුතු පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවෙන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
මෙම ලිපියට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති අස්සන් තැබීමට කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමකි.










