බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ විශ්වාසභංග යෝජනා විවාදය හෙට (19) ආරම්භ වීමට නියමිතව තිබියදී ආණ්ඩුව ඇතුළේ අලුත් අර්බූදයක් මතුව ඇති බව දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් ඇතුලු මැතිඇමැතිවරුන් කිහිප දෙනකුම විවාදය පැවැත්වෙන දින දෙක තුළ පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර තිබීම මේ සදහා හේතු වී තිබේ.
එය තහවුරු කරමින් දැනටමත් මැතිඇමැතිවරුන් කිහිප දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවක් වාර්තා වේ.










