දන්සල් පැවැත්වීම නිසා පන්සල්වලට ජනතාවගේ පැමිණීම අඩුවන බව පවසමින් වෙසක් පොහෝ දින දන්සල් පැවැත්වීම තහනම් කිරීමට ගාල්ල නාගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇති බව සත්සිත් මිතුරු සංසදය පවසයි.Sri Lanka Latest News
නාගොඩ ප්‍රාදේශීය සභාව මෙම තීරණය ගෙන ඇත්තේ සරණ බිම්බාරාමාධිපති ගාලු දිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක නාගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති යටලමත්තේ පාලිත ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම මත බව සත්සිත් මිතුරු සංසදයේ ලේකම් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව වෙසක්, පොසොන්, ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට දන්සල් නොපැවැත්විය යුතු බවත් දන්සල් පවත්වන්නේ නම් පොහොය දිනයට පෙර දින හෝ පසුදින දන්සල් පවත්වන ලෙසත් ආදී තීරණ ගණනාවකට එළඹීඹට ඉකුත් 13 වැනිදා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය තීරණයක් ගෙන ඇති බවද එහි සඳහන් වේ.
වසර දහයක් පුරා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් ගාල්ල නාගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් යටලමත්ත වෙසක් මහා දන්සල එකොළොස් වැනි වරටත් පැවැත්වීමට සංවිධානය කර තිබියදී මේ ආකාරයට වෙසක් පොහෝ දින දන්සල් පැවැත්වීම තහනම් කිරීම අසාධාරණ බව සත්සිත් මිතුරු සංසදය පවසයි. එකොළොස්වැනි වරටත් සංවිධානය කිරීමට සූදානම් වූ මෙම දන්සල බාහිර ආධාර හෝ මහජන මුදල් එකතු කිරීමකින් තොරව සංසද සාමාජිකයන්ගේ පෞද්ගලික මුදල්වලින් පමණක් සංවිධානය කිරීමට සූදානම් කර තිබූ බව සත්සිත් මිතුරු සංසදය වැඩිදුරටත් පවසයි.








