ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බදාදා (26) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) සහභාගි නොවන බව ප්‍රකාශ කොට තිබේ.Sri Lanka Latest News
මෙය ජනතාව රැවැට්ටීම සදහා වත්මන් රජය ගන්නා පියවරක් බැවින් ඊට සහභාගී නොවන බව ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා සදහන් කොට ඇත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකට සහාය නොදෙන බවත්, ඉදිරි මැතිවරණයකදී ජනතාව රවටා ඡන්දය ලබා ගැනීම සඳහා සූදානම් වන බවත් පවසමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (23) The Daily Morning වෙත ප්‍රකාශ කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසය වන විට සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දුන්නද එය ඉටුකිරීමට ජනාධිපතිවරයා සහ රජය මේ වන විටත් අපොහොසත් වී ඇති බවද ඔහු පැවසීය.