ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර ඇත.
මහ බැංකු නිලධාරීන් සහ අගමැතිවරයා අතර ඉකුත් 23 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අවධාරණ කිරීම සිදුවූ බව එම සාකච්ඡාවට සහභාගීවූ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේදී මහ බැංකුව පාර්ශ්වය සෘජුවම ඉන්ධන මිලේ සංශෝධනයක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබෙනවා.
විශේෂයෙන්ම මේ මොහොතේ ලොව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල මිල ගණන්වලට වඩා වැඩි මිලකට දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි වන බවද රාජ්‍ය ඇමැති කබ්රාල් පෙන්වා දුන්නේය.
මෙහිදී සාකච්ඡා වූ ඉන්ධන මිල ඇතුළු ආර්ථිකයට සම්බන්ධ අනෙක් කරුණු පිළිබඳව වැඩිදුරටත් රජය සාකච්ඡා කර මහ බැංකුවේ ඉල්ලීමට පිළිතුරු ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.










