අද (05) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා රුපියල් 2,000ක මුදලක් ගෙවීමට සිදුවේ.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේ ආහාර මිල ඉහළ නැංවීම මේ මස පළමු වන දින සිට ක්‍රියාත්මක වුව ද මේ මාසය සඳහා පාර්ලිමේන්තුව රැස් වූයේ අද දිනයේ වන බැවින් මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා අදාළ ගාස්තුවට ගෙවීමට සිදුවනු ඇත.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට පසුගිය 23 වනදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කෙරුණි.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ.
තේ එකක මිල රුපියල් 200කි.
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.










