• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායකයො හතරයි – මෙහෙයුම් හතරයි! එකක් ට්‍රම්ප්ගෙ! එකක් ඔබාමාගෙ! අනික මහින්දගෙ! අනික අනුරගෙ! Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
නායකයො හතරයි – මෙහෙයුම් හතරයි! එකක් ට්‍රම්ප්ගෙ! එකක් ඔබාමාගෙ! අනික මහින්දගෙ! අනික අනුරගෙ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ලෝකයේ නායකයෝ තමන්ගේ හමුදා කණ්ඩායම් විසින් දියත් කරන මෙහෙයුම් දුර සිට බලා සිටින අවස්ථා අපි දැකලා තියෙනවා. පහුගිය දවසක අපි අවසාන වශයෙන් එහෙම මෙහෙයුමක් දැක්කා. ඒ මෙහෙයුම දෙස බලා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ ඇමෙරිකන් ඩෙල්ටා හමුදා කණ්ඩායම විසින් වෙනිසියුලා ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්නා මොහොත. ඔහු දුර සිට බලාගෙන හිටියා. ඒක විශාල මෙහෙයුමක්. ලෝකයේ එක රටක් තවත් රටකට ගිහිල්ලා සිද්ධ කරපු මෙහෙයුමක්. ඔවුන් වෙනිසියුලා ජනාධිපතිව අත්අඩංගුවට ගන්නවා විතරක් නෙමෙයි, වෙනිසියුලාවේ පුරවැසියනුත් දන්නේ නැහැ ඔහුට වුණේ මොකක්ද කියලා. වෙනිසියුලාවේ උප ජනාධිපතිත් දන්නේ නැහැ ඔහුට වුණේ මොකක්ද කියලා. ඔහුව රාත්‍රියේම වෙනිසියුලාවෙන් පිටත් කරලා අරගෙන යනවා. අරගෙන යන්නේ ඇමෙරිකාවට.Sri Lanka Latest News

ඒ මෙහෙයුම ඉතාම සංකීර්ණ සහ භයානක මෙහෙයුමක්. ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වුණු මෙහෙයුමක්. මේ මෙහෙයුම කොයි වෙලාවේ වරදින්න පුළුවන්ද කියන එක හරිම තීරණාත්මකයි. ඒකට හේතුව ඔවුන් වෙනිසියුලා ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්න කලින් යම්කිසි විදියකින් ප්‍රහාරයකට ලක්වුණා නම් ඒ ප්‍රහාරය ලෝකයේ ඉතිහාසයේ සුවිශේෂ ප්‍රහාරයක් බවට පත්වෙන්න ඉඩ තිබුණා සහ ඩෙල්ටා භටයන් විසින් එල්ල කරපු යම් ප්‍රහාරයකින් වෙනිසියුලා ජනාධිපති හෝ ඔහුට ආසන්න හිතවතුන් එහෙම නැත්නම් ආරක්ෂක අංශ මියගියා නම් එතැනත් විශාල ගැටුමක් නිර්මාණය වෙන්න තිබ්බා ලෝක වශයෙන් ජාත්‍යන්තර වශයෙන්. නමුත් ඒ සියල්ල සමනය කරගෙන මේ මෙහෙයුම නිමාකරගන්න හැටි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පිරිසත් එක්ක බලා හිටියා.

මේ වගේම අපිට මතකයි බැරැක් ඔබාමා මේ වගේම මෙහෙයුමක් දෙස බලා ඉන්න ආකාරය අපි දැක්කා. ඒ ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ වෙච්ච තවත් මෙහෙයුමක්. අපි දන්නවා ඔහුත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක්. ඒ නිසා ඔහුත් ඉතාම තීරණාත්මක සාධකයක් විදිහට වැදගත්කමක් උසුලන මෙහෙයුමක් දෙස තමයි ඔය විදිහට බලාගෙන හිටියේ. මේ මෙහෙයුම බින් ලාඩන් අත්අඩංගුවට ගන්නා මෙහෙයුම. එහිදී බොහොම සාමකාමීව ජනාධිපතිවරයා තමන්ගේ තැනක ඉඳගෙන බලා ඉන්නවා අපි දැක්කා ඒ වීඩියෝවල තියෙනවා. එතකොට මේ මෙහෙයුමේදීත් ඇමෙරිකන් භටයන් සාර්ථක වෙනවා. ඒක ජාත්‍යන්තර වශයෙන් කතාබහට පත්වුණු, ලෝකයේ අවධානයට ලක්වුණු දැවැන්ත මෙහෙයුමක්. අපි දකිනවා මේ ආරක්ෂක ප්‍රධානීන් අසලින් ඉඳගත්තු ඔබාමා බොහොම සාමදානව බලා ඉන්නා ආකාරය.

අපිට මතකයි මහින්ද රාජපක්ෂත් මේ වගේම මෙහෙයුමකට සහභාගි වෙමින් ඕමන්තේ ප්‍රදේශයේ එක්තරා තැනක ඉඳගෙන බලන ප්‍රසිද්ධ පින්තූරයකුත් අපි දැක්කා. ඔහු ඒ බලන් හිටියේ ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී නායකයා වෙච්ච වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ශ්‍රී ලංකාවේ හමුදාව අතර සිදුවුණු ගැටුම දෙස. ඒ ගැටුමත් ලෝකයේ අවධානය දිනාගත්තු විශාල ගැටුමක්. එම ගැටුමෙන් කවුරු ජයග්‍රහණය කරනවද කියන එක හරිම තීරණාත්මක වෙලා තිබුණා ඒ අවස්ථාවේදී. එහෙම බලාගෙන හිටියා අපේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා.

අපි දැන් කතාකළා තුන්දෙනෙක් ගැන. එක්කෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්, අනිත් එක්කෙනා බැරැක් ඔබාමා, අනිත් එක්කෙනා මහින්ද රාජපක්ෂ. ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන්නතම කාරණාව නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම. මදුරෝට චෝදනා තිබුණා ත්‍රස්තවාදී චෝදනා තිබුණා, ඔහුට තිබුණා මත්ද්‍රව්‍ය චෝදනා, ඔහුගේ හැසිරීම් පිළිබඳ ප්‍රශ්න තියෙන බවට චෝදනා තිබුණා. ඒ රට වැසියන් පවා යම් යම් චෝදනා එල්ල කරනවා. ඒ නිසා නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම සාධාරණයි කියලා කියන්න බැරි වුණත් නිකොලස් මදුරෝ හොඳ මිනිහෙක් නෙමෙයි කියන එක නම් අපිට පැහැදිලි වන කාරණයක්.

ඇත්තටම මාධ්‍යවේදියෝ විදිහට අපිට හොඳ මිනිස්සු නරක මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. හරි කවුද වැරදි කවුද කියන එකට වඩා අපිට සිද්ධ වෙන්නේ මුලින්ම සිදුවීමේ ස්වභාවය ඉදිරිපත් කරන එක. නිගමනවලට එළඹීම ඔබට සේම අපිටත් කරන්න පුළුවන්. නමුත් අපි කලබල වෙන්නේ නැහැ යම්කිසි දේක නිගමනවලට එන්න.
අපි දැකපු ලෝකයේ දැවැන්තම මෙහෙයුම තමයි බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම. බින් ලාඩන් කියන්නේ ලෝකයේ හිටපු දැවැන්තම ත්‍රස්තවාදී නායකයෙක්. ඔහු ලෝකය හොල්ලපු ත්‍රස්තවාදියෙක්. ඉතාම දරුණු ගණයේ ත්‍රස්තවාදියෙක්. ඔහුව අල්ලන්නට අපි දැක්කා බැරැක් ඔබාමාගේ පිරිස දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ආකාරය. ඊළඟට මහින්දත් ලෝකයේම අවධානය දිනාගත්තු ලෝකයේ ලොකුම ගරිල්ලා නායකයා විදිහට සලකන වේලුපිල්ලේ ප්‍රභාකරන්, භයානකම ත්‍රස්තවාදියා විදිහට සලකපු ප්‍රභාකරන්, ප්‍රභාකරන් සතුව ගුවන් නාවික සියලු බලය තිබුණා. ඔහුත් සමග කරපු සටන දෙස බලන් ඉන්න වීඩියෝවක්, පින්තූර අපි දැක්කා.

ලංකාවේ වර්තමාන ජනාධිපතිත් අපි දැක්කා පහුගිය දවසක කලා වැවේ බස් එකක් උඩ අතරමං වෙච්ච පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම දෙස බලාගෙන ඉන්න ආකාරය. ඔහු එහි හිටියේ ඉඳගෙන නෙමෙයි හිටගෙන. අපිට පේනවා ඔබාමලා ට්‍රම්ප්ලා ඉඳගෙන බලා ඉන්නකොට මේ ජනතා හිතවාදී නායකයා, ජනතා හිතෛෂී මෙහෙයුම දෙස බලන් ඉන්නේ හිටගෙන. ඔහු මහජනතාව බේරාගත්තේ ත්‍රස්තවාදී කල්ලියකින් නෙමෙයි, දැවැන්ත ප්‍රහාරයකිනුත් නෙවෙයි. බෝම්බ ප්‍රහාරයකිනුත් නෙමෙයි, ඔවුන් බස් එකක් උඩ හිරවෙච්ච බස් මගියෝ 52ක්ද බේරාගන්න ආකාරය දෙස බලාගෙන හිටියා.

ඉතින් ලෝකයේ රාජ්‍ය නායකයෝ තමන්ගේ මෙහෙයුම්වල දෙස බලන් ඉන්නවා. තමන්ගේ මෙහෙයුමේ ප්‍රමාණයට තමයි ඉතින් බලන් ඉන්න සිද්ධ වෙන ප්‍රමාණයත් තීරණය වෙන්නේ. සමහර අයට හොඳටම මෙහෙයුම් කරන්න අවශ්‍යතාව තිබුණත් ඒ අය ඒ ගැන මහන්සි වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා ලෝකයේ රටවල. ලංකාවේ නම් එහෙම අඩුයි.

ඒ නිසාම අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් මේ බස් එකක් උඩ ඉන්න මිනිස්සු බේරාගන්නවා වගේ මෙහෙයුම් බලාගෙන ඉඳලා ඒ පින්තූර සමාජගත කරලා මේ තමයි අපේ දේශපාලනය කියලා පෙන්වන්න. ලෝකය ලොකු බවත් ලෝකයේ මෙතරම් විශාල මෙහෙයුම් සිද්ධ වන බවත් ඒ සඳහා රාජ්‍ය නායකයන් ඍජුව සහ වක්‍රව මැදිහත් වෙමින් තමන්ගේ වගකීම දරන බවත්, ඒ වගකීම හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරක හෝ ඕනෑම අවස්ථාවකදී තමන් අතට අරගෙන තමන් විසින් විශ්වසනීයව මහජනතාවට ඉදිරිපත් කරන බවත් අපිට මේවා දැක්කම පේනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්ලස් ගත් 41ක් ගිය අවුරුද්දේ වැරදිකාරයන් කරලා! හැබැයි තෝරු මෝරු කවුරුත් නෑ! හාල්මැස්සො විතරයි! I Sri Lanka Latest News

Next Post

බය නැතුව ගිහින් හිතේ තියෙන දේ කම්බිලි අප්පච්චිට කියන්න! වෙන දේ බලන්න! කටුපිටිගම දේවාලයේ ගලට අඩිය තියද්දිම බයක් එනවා…! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.