සුදළූණු වංචාව පළමු වරට රටට අනාවරණය කළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක නිලධාරියා වන තුෂාන් ගුණවර්ධන මහතාට අමෙරිකාව බලා පිටත්ව යාමට ඉඩ නොදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රදවාගෙන ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් වැලිිසර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් පවරා ඇති බවත්, එහි සැකකරුවකු ලෙස ගුණවර්ධන මහතා නම් කොට ඇති බවත්ය.
නමුත් ගුණවර්ධන මහතාට මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කොට නොමැති බව වාර්තා වේ.
ඒ මහතා පෙන්වා දෙන්නේ සුදුළූණු වංචාව රටට හෙළි කළ තමා එම නඩුවේ සැකකරුවකු කිරීම බරපතළ ගැටලුවක් බවයි.










