කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබේ.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව නෙවිල් සිල්වා මහතාව අද රත්නපුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
2023 අගෝස්තු මාසයේ දී එම කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත නෙවිල් සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා විසින් පැහැරගෙන යෑමේ සහ අයුතු සිර කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට තහවුරු වී තිබේ.










