ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් සඳහා අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
දැනට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම එම මූල්‍ය පහසුකම යෙදවෙන බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසීය.
මෙය ශ්‍රී ලංකාවට සපයා ඇති මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකම වෙයි.
ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත්, එම ක්ෂේත්රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීමත් මෙම වැඩසටහනේ අරමුණු වෙයි.
2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව පැවසීය.










