එදා මුලු කැබිනට්ටුවම විරුද්ධ වෙද්දී කොරෝනා මළ සිරුරු පිළිස්සිය යුතු බව දැනුම් දුන්නේ මහාචාර්ය චන්න පෙරේරා සහ මහාචාර්ය මෙත්තිකා විදානගේ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා කීය.
ADVERTISEMENT
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් මාධ්‍ය එය දිගින් දිගටම ප්‍රචාරය කරමින් ආපසු හැරවිය නොහැකි තැනකට ගෙන ගිය බවකි.
මේ හේතුවෙන් මුස්ලිම් රටවල් ලංකාව සමග අමනාප වූ බවත්, එසේ ජාත්‍යන්තරය අමනාප කොටගෙන ගමන් කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.