මේ වසරේ මුල් මාස හය තුළ, සෘජු විදේශ ආයෝජන ගලා ඒම, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 101% කින් වර්ධනය වී ඇති බව ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.Sri Lanka Latest News
ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව, වසරේ මුල් මාස හය තු-ළ එක්සත් ජනපද ඩොලර් මිලියන 507 ඉක්මවන ආයෝජන රටට ලැබී තිබේ.
2024 වසරේ දී අදාල කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 252 කි.
2025 වසරේ මුල් මාස හය තුළ ඩොලර් මිලියන 569 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57 ක් අනුමත කර තිබෙන අතර, ඉන් ඩොලර් මිලියන 320ක් විදේශ ආයෝජන වේ.
මේ අතර පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම රුපියල් ට්රිලියන 2 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 20% ක වර්ධනයක්.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත අනුව, වසරේ මුල් මාස පහ තුළ, රුපියල් බිලියන 1942 ක (රුපියල් ට්‍රිලියන 1.94) රාජ්‍ය ආදායමක් වාර්තා වන අතර, එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයකි.
වාර්තා වී තිබෙන රුපියල් බිලියන 1,942 ක් වූ රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 1,802 ක්, බදු වශයෙන් උපයා ඇති ආදායමයි.
පසුගිය මැයි මාසයේ සමස්ත ආදායම් රැස් කිරීම රුපියල් බිලියන 486 ක් වූ අතර, එය මේ වසරේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම් අගයයි.
2024 දී සමස්ත රාජ්‍ය ආදායම රුපියල් ට්රිලියන 4 ක් ලෙස වාර්තා විය.
ඊට පෙර වසරේ, එනම් 2022 වසරේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 3 කි.
මහබැංකු දත්ත අනුව, 2025 වසරේ මැයි දක්වා වූ කාලය සදහා, ශුද්ධ වියදම රුපියල් බිලියන 2179 කි. ඒ අනුව, මුල් මාස පහ තුළ අයවැය පරතරය රුපියල් බිලියන 266.5 කි.
එම අයවැය පරතරය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට අදාලව වාර්තා වූ රුපියල් බිලියන 366.8 ක් වූ අයවැය පරතරයට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි.










