• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත ගායට උරුලෑ සට්ටං! Sri Lanka Latest News

May 12, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

එදා තමා හරි වැස්ස. වැස්ස පමණක් නම් මදෑ. එහෙත් හරි හුළඟ.මෙහෙත් හරි හුළඟ. ඒ හුළඟට අසූවූ ඒ ගහ ඇවිත් මේ ගහේ වදියි. මේ ගහ ගිහින් තව එකක වදියි. වැස්ස සුරල් වූ කල මුළු වනයම එකට කුඩුපට්ටම් වූ ගස් අතු රිකිලි ගොඩකි. වැස්ස තුරල් වූ විට එතෙක් නිහඬව සැඟව සිටි තැනින් නුවණහාමි (නරියා) එළියට එද්දී “මේවා කාගේ කෙරුම්” දැයි යන්න නිකමට කියැවුණේය. (Sri Lanka Latest News)

“ඕව ඉතිං අලින්නෙ අපේ කෙරුම් තමයි” යන හඬ ඔහුට එකණෙහිම ඇසී වටපිට බලද්දී බිඳුණු ගසෙක අතු මත්තට වී අහංකාරකමෙන් හිස වනන කටුසුහාමි දුටුවේය.
මුණිදාස කුමරතුංගයන්ගේ හීන්සැරයේ ඇති ඔය විස්තරය සිහිපත් කර දෙන්නට හදිසියේ සිද්ධ වූයේ “අම්මට සිරි” මේ දවස්වල අපේ ලොක්කා ලෝස් නැතුව බෙදාගෙන බෙදාගෙන යන බෙදිල්ල නිසාය.

පේනදකින කෙසේ වෙතත් ඇහෙන සහ ඇහෙන්නට ලැබෙන විස්තර ආලවට්ටං අනුව ලොක්කා මේ පාර බෙදන්නේ නම් මදි නොකියන්නට ඇට්ටි හැලෙන්නටමය. ඔඩොක්කුවටමය. ඔඩොක්කුව පිරෙන්නටමය. ඔඩොක්කුව කැඩෙන්නටමය. “කාල වරෙංකො පුතෝ” යැයි කියන ගානටය.
එහෙන් හාල් බෙදනවෝය. මෙහෙන් බාර් බෙදනවෝය. අහරෙන් ඔප්පු බෙදනවෝය. මෙහෙන් ගෝලබාලයෝ තප්පු ගහනවෝය. කොච්චර තිබුණත් ඇතිවීමක් නැති අරුන්නැහේලාට (උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්) කාරුත් බෙදන්න යනවාය. සමහර ඒවා බෙදන්නට තතනන ඒවාය. කතානායක උන්නාන්සේගෙන් ඉල්ලා ඇති ඒවාය. අනුමැතිය ලැබෙනකං බලා සිටින ඒවාය. බලා සිටින්නෝ ළාඋළු කෑ පංචි මහත්වරුන් සේය.
එච්චර විතරක් නෙමේ අනේ, සල්ලිත් බෙදනවාය. සල්ලි බෙදන්නේත් එසේ මෙසේ ගණනින් නොවේය. සියදහස් ගණනින් නොවේය. මිලියන ගණනින්ය. නැත්නං කෝටිය ගණනේය.

“අම්මට සිරිගජ – නැන්දට කජු මද” කියන්නේ ඕවාටය. ඌරං කැකුණ තැළුවාම මඟුල් හබං කුකුළන්ටය. ලොක්කා තනන්නේ කුකුල්ලු ගාල් කරගන්ටය. නැත්නං කූඩුවට දාගන්ටය. කූඩුවට දාගෙන හිටියත් පනින එකා පනිනවාමය. එහෙත් කිකිළියන් එසේ නැත. උන් එළවන්ඩ නං නඩු කියන්ඩම ඕනෑය. ඊයෙ පෙරේදා එකියක් පන්නනු ලැබුවාය. ඒකිගේ කට හරි නැත. අහුවුණු අහුවුණු තැනින් කනවාය. නයිට් බසාර්වලටත් යනවාය. බඩේ අමාරුවක් හැදුණොත් බේතුත් ඈ ළඟය. ත්‍රෛලෝක විජයපත්‍රම්ය.
අදට ඔය හොඳටෝම ප්‍රමාණවත්ය. වැඩි විස්තර කතනයට ගියහොත් ලොක්කාගේ බෙදිල්ල කියන්නට බැරිවෙන්නට හැකිය.

ලොක්කා මේ වාරෙ බෙදන්නේ දීර්ඝ බෙදිල්ලය. හරියට වෙස්සන්තර රජතුමා fදාර දන් දෙන්නැහේය. (දෙන්නා සේය) නැත්නම් ඉල්ලීස මහ සිටාණන් සිව් මහ fදාරටු හැරියා සේය. කියලා වැඩක් නැත. මෙච්චර කලක් නැති සල්ලි කොහෙන්ද යකෝ පාත්වුණේ?කාගෙ මරාලයක් කඩා වැටුණාද? නොදක්නේ කිම්?
මීට ටික කාලෙකට ඉස්සර මැතිවරණ පැවැත්වීමේ සමය උදාවූ විට සල්ලි තිබුණේ නැත. ඇහුණේත් කියැවුණේත් භාණ්ඩාගාරයේ තඹ fදායිතුවක් හෝ නැති බණේමය. ඒ නිසා චංදෙ කල් ගියේය. ඒ දවස්වල රටට කෙහෙතා (කේතු) ලබා තිබුණේය. දැන් සිකුරා පතබෑවී ඇත.

හරියට දැනට වසර පහකට පමණ පෙර පාස්කු බෝම්බය පිපිරවූ අවධියට මඳකට ඉස්සර පූර්ව හා පසුගාමී සමය පරිද්දෙනි. පාස්කු වින්නැහියට ඔන්න මෙන්න කියා තිබියදී රටේ ආරක්‍ෂාවක් නැත. මහජනතාවට ආරක්‍ෂාවක් නැත. ආරක්‍ෂාව ඇතිවන්නට නම් පොහොට්ටුව එන්නට ඕනෑමය. මහින්ද ලොක්කා රට භාරගන්නට ඕනෑමය. රාජපක්‍ෂ කට්ටුවෙන් රට සජ්ජිත වෙන්නට ඕනෑමය. ඔය ඒ දවස්වල දවස පුරා හමන සුළඟත් රට්ටුන්ට කී පණිවුඩයය. ඒ ටික හරි ගියේය.

දැනුත් ඒ ටිකම සිදුවී තිබේ. කොල්ලෝ රට කාබාසිනියා කළාහුය. දමිතා අබේරත්න නෝනා උන් කුලප්පු කළාය. රටට ඩොලර් නැතිවිය. ඒ නිසා තෙල් නැතිවිය. තෙලුත් නැති නිසා රටට කන්න නැතිවිය. මිනිස්සු පෝලිම්වල මැස්සන් මැරී වැටෙන්නාසේ මැරී වැටුණෝය.

ආවොත් කරු පායයි හිරු කීවා සේ රනිල් ආවොත් සියල්ල අකුරට තිතට රේපෙට ඉස්පිල්ලට සිදුවන බව කීවෝය. සාගලලාට, වජිරලාට රටට සිද්ධවෙන සෙත සාන්තිය ගැන කියා දෙනවා හැරෙන්නට ඒ කාලේ වෙන වැඩක් තිබුණේම නැත. රට රටවලින් ලැබෙන ධනස්කන්ධය ගැන කීවෝය. ඇමෙරිකාවෙන් ලැබෙන පහසුකම් ගැන කියා දුන්නෝය. ජපානෙන් ලැබෙන ඩොලර් කෝටි හාරසියය ගැන විස්තර බෙදා දුන්නෝය.

රටේ ලෝකෙ සිද්ධවෙන ඕනෑම සංගදියක් ගැන ගෙයක් ගෙයක් ගානේ යමින් විස්තර කථනය කරන අපෙ ගමේ ටැලිකිරං නැන්දම්මාට මුන්නැහේලා සමග හැරෙන්නටවත් බැරි තරම්ය.

දැන් කාලෙ වගේමයි ඒ කාලෙත් මහින්දලා අඩව් ඇල්ලුවේය. අඩව් විතරක් නොවේ. කස්තිරංද ඇල්ලුවේලු. හැබැයි ඉස්තරං කස්තිරං බිම නොව දුවන කෝච්චිවලය. ඒ ගැසූ පිනුම් හනුමාටවත් ගහන්න බැරි ඒවාලු.

මහින්ද ඒ දවස්වල සිල් රදි බෙදුවේය. ඒ වයසක උපාසකම්මලාට හතර පෝයට සිල් ගන්නටය. ඒ නිසා මහින්ද බේරී හයිනා හිරේ ගියේය.
අපේ ලොක්කාට ඒ වගේ විච්චුම්බරයක් වෙන්ඩ බෑය. හේතුව බොසා සයන්ස් එක දන්නේය. ඒ නිසා ලොක්කා වගේම ලොක්කා කරන වැඩෙත් ක්ලීන්ය. අත පිච්චෙන්නේත් නැත. පුච්චා ගන්නේත් නැත. කොහොමද මගෙ ටිකිරි මොළේ? ටිකිරි මොළේට මහ බැංකුව හූණු බිජ්ජක් මෙන් පෙනී ඉවර වුණානං මහමොළේට. හුහ්.

ඒ කාලේ (මැතිවරණය පෙනිපෙනී) මහින්ද අරලියගහ මන්දිරේ විශාලා මහනුවර සුවිශාල දන් ශාලාවක් බවට පත් කෙළේය. “එව කව බොව කියන – ප්‍රීති තෙපුලෙන් හැමදෙන” පරිද්දෙනි. බිස්නස්කාරයෝ හාල් ලොරි පිටින් ගෙනාවෝය. ගවයින් පරලොව වැඩියේ ගාල් පිටින්ය. සමහරු ඉස්කාගාර සංස්ථාව පොම්ප කෙළේය. අපරාධෙ කියන්න බැරිය. ලොක්කා ඒ කාලපරිච්ඡේදය රටට යළි ගෙනාවා සේය.

එහෙත් මේ මහජන මුදල්ය. කාටවත් fදාසක් කියන්නට බැරිය. ලොක්කා බෙදන්නේ පොතේ හැටියටය. රුපියල් කෝටිය ගානේ දෙන මුදල් කාක්කා මෙන් අතට දෙන්නේ නැත. දෙන්නේ දිස්ත්‍රික් සංවර්ධන සභාවටය. මංත්‍රීවරුන්ගේ ව්‍යාපෘති යෝජනා මසුරං (මහජනහිතකාමී) නං සභාවේ කස්ටිය ඊට මුදල් වෙන් කරන්නෝය. වැඩ අධීක්‍ෂණය කරන්නෝය. කාටවත් fදාසක් කියන්න බැරිය. විපක්‍ෂයේ හර්ෂටත් ලැබී තිබුණේය. ඒ වගේම තවත් දෙතුන් දෙනෙකුටත් ලැබුණේලු. නොලැබුණු උන්නැහේලා (හරිහමං ව්‍යාපෘති ඉදිරිපත් නොකළාහු) මඩ ගසන්නෝය.

මොනවා කළත් ලොක්කා ඒ වැඩෙං හත්පොළේ ගාගෙන නැත. හිරේ විලංගුවේ වැටෙන්නේද නැත. ඒකට සිල්රෙදිකාරයෝය. කෙහෙළියලාය. ජොන්ස්ටන්ලාය.
ඇත්තට ඉස්සර මාවතගම බෝක්කු කට දැං වැහිලාය. වෙල්ල වැහුමක් වගේය. (මතකද අරගලේ සමනය කරන්ඩ අරලිය ගහේ පාටිය දුන්න දවස).
ඉස්සර ගමේ මිනිස්සුන්ට කම්මුල්ගාය යනුවෙන් රෝගයක් හැදුණේය. ඒකෙන් කම්මුල් ඉදිමුණේය. ඉන්ඩ බැරි ගානට කැක්කුම ගත්තේය. ඒ නිසා මිනිස්සු දිවා රෑ බෙරිහං තැලුවෝය. කතාකරන කොටත් ඇර ගන්න යන ගානටය.

කම්මුල්ගායට ගම්මුන් ළඟ අත් බේතක් තිබුණේය. උරුලෑවෙකුගේ පස්සා ගාතයේ ඇට කෝටුවක් දෙහි ඇඹුලෙන් උරච්චිකර (යමක අතුල්ලා) ඒ කල්කය වැනි බාම් එක තුන් වරුවක් ගෑ විට ගාය බැස්සේය. ඒ බේතට ගම්මුන් කීවේ උරුලෑ සට්ටමක් අතුල්ලා ගෑම ලෙසිනි. නැවත ගාය හැදෙයි යන බියෙන් මිනිස්සු කට පරිස්සං කරගත්තෝය.

අරගලේ කොල්ලෝ බොහෝ දෙනකුගේ කටවල් වැසුවෝය. හරියට උරුලෑ සට්ටං ගෑ අන්දමටය.

මිනිසුන් බලාසිටින්නේද ඔය ටිකය. හිරේ හිටිය යුතු ඈයෝ කවුන්සිලේ නටන නැටිලි දිහාය. රුපියල් කෝටි හැට හැත්තෑ ගණං පගා ගත්තු උන් බල්ටි ගහන හැටිය. උන්නේ කටවල් වැහෙන හැටිය. කටවල්වල, කම්මුල්වල කවුරු හරි උරුලෑ සට්ටං ගානකංය.

හොරු අල්ලන හැටි දැනගන්ඩ මාලිමාවම එන්ඩ ඕනෑය යන මතයේ ඇතැමෙක් තදබල විශ්වාසයෙං උන්හ. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මට්ටමේ මහත්වරු යටිං යටිං ඒ සඳහා සංවිධානද පෙළගැස්සූහ. ඒත් ඇතැමෙක් දැන් දතකට පූට්ටු කරගෙන සිටිති. ඇයි අනුර උන්නැහේලාත් කෙළලා දාන කතන්දර ඇසෙන නිසාය. ඒවා ඇඟේ මයිල් කෙළින් වෙන කතා නිසාය. හැත්තෑ හතේ චංදෙ දාට දින දෙක තුනක් තිබියදී ජේ.ආර්. ලොක්කා රටේ තමන්ට ගැති නාම්බන්ට උත්තේජනයක් විද්දේය.

“මං මැතිවරණෙං පස්සෙ පොලිසියට සුමානයක් නිවාඩු දෙනවා” ජේ.ආර්. ලොක්කා රට පුරා වේදිකාවල කියාගෙන කියාගෙන ගියේය. කීවත් වගේම කෙරුවේය.

අම්මට සිරි රම්පෙට පොරි පුපුරන්නා වගේ සපෝටර්ලා ගංවල අහිංසකයන්ට fදාඹෙන් යන්ඩ දුන්නාහුය. ගෙවල් fදාරවල් කඩ සාප්පු ගිනිබත් වුණේය. හරකාබාන ඌරු කොටු කුකුල් කූඩු කොල්ලකෑවේය. විරුද්ධවාදීහු ඝාතනය කරනු ලැබූහ. මාපිය ආරක්‍ෂාව යටතේ සිටි දැරියන් බලහත්කාරයෙන් දූෂණය කළෝය. රට අමු සොහොනක් වූයේය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගිය වින්දිතයෝ එළවා දමනු ලැබූහ.
ඒ, අර ”ජේ.ආර්. ලොක්කා දෙනව කී ධර්මිස්ට සමාජයක්” ආරම්භ කළ හැටිය. පොඩ්ඩක් හෝව් ඔය ටික කියන්නටම හිතුණේ අර පූසිගෙ පුතා ලාලා මැයි පළවැනිදා කියපු ඇඟේ මාළු නටන කතාව ඇහුණු විටය. (අඟේ මැයි පළවෙන්ඩම ඕනෑය)
ගමේ කොල්ලන්ට අධිකරණ බලය දෙන බව කීවේය.

දීපල්ලා… දුන්නොත් හොඳට හිටී.

මුන් 1971 -1988-1989 නැවතත් ඇතිකරන්ටද යන්නේ යැයි ඇසිය යුතුය. අපේ ඥාතීහු මරාදැමුවෝය. ඔවුන්ගේ මාපියෝ දරුවන් ඉදිරියේම මරා දැමුවෝය. දෙමාපියන් ඉදිරියේ දැරියෝ දූෂණය කරනු ලැබූහ. සැමියා ඉදිරියේ බිරිය දූෂණය කළෝය. තම මව දූෂණය කරනු පෙනෙන අන්දමට එම දරුවන්ගේ පියාට විදුලි පන්දම ඒ හිරිකිත සිද්ධිය දෙසට එල්ලකරගෙන සිටින ලෙසට අණ කරමින් එසේ දූෂණය කළෝය. හිතවත්තු මරා දැමුවෝය. දෙපැත්තෙන්ම ගෙවල් fදාරවල් වෙළෙඳ ව්‍යාපාර ගිනි තිබ්බෝය. මුන් හදන්නේ ඒ යුගය ආයෙ ගේන්නද? සිහි මුළාවී සිටින මහජනයිනේ, දැන්වත් මොළේ ඇතිව වැඩකරපියව්. අපට, තොපට අපේ තොපේ දරුවන්ට නිදහසේ ඉන්ඩ කටයුතු කරව්.

ලංකා පොළොව පාලනයෙහි නිරත වුණූ
එම්බා යකෝ මහජන බස හඳුන ගනූ
තුන් වැනි පැනය එන්නට පෙර රිහිරි බිණූ
දැන් මේවාට පිළිතුරු නිසි පරිදි දෙනූ

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආණ්ඩුව වීසා ලබාදීම සමාගම් 3කට දෙන්න තීන්දු කරලා තියෙන්නේ මොබිටෙල් එකෙන් වීසා නිකුත් කිරීමේ පද්ධතිය බාගයක් වැඩිදියුණු කරලා තියෙද්දී! මොබිටෙල් එක වීසා දෙන්න ඩොලරයක් ගනිද්දී අලුත් සමාගම් ඩොලර් 25ක් අරන්! කොහොමද ගේම? I Sri Lanka Latest News

Next Post

අම්පාරේ ගොවියොත් එක්ක මහා රැස්වීමක් කළා! මොනරාගල ඉස්කෝල 3කට ස්මාර්ට් පන්ති කාමර ලබා දුන්නා! දැන් සජිත් මව්වරුන්ගේ දිනයට ගම්පහ රෝහල් 3කට ‘හුස්ම’ වැඩසටහන යටතේ ලක්ෂ 66ක රෝහල් උපකරණ ලබා දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.