පශ්චාත් මැතිවරණ කාලයේදී ලැබු ජයග්‍රහණය ජනතාවට සාමකාමීව භුක්ති විදින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පවසනවා. ඔහු මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදි. ඉදිරි සතියක කාලයක් දේශපාලන රැස්වීම් මෙන්ම පෙළපාලි පැවැත්වීම සපුරා තහනම් බව ඔහු මෙහිදී කියා සිටියා.Sri Lanka Latest News
එමෙන්ම දේශපාලන වශයෙන් සතුට සැමරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. පශ්චාත් මැතිවරණ කාලය තුළ පොලිස් නිලධාරින් සිරුවෙන් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළා. මැතිවරණ රාජකාරී වෙනුවෙන් යෙදී නිලධාරින් තවදුරටත් ජංගම සංචාරයේ යෙදෙමින් ආරක්ෂා කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.










