ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.Sri Lanka Latest News
දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ ගංවතුරට හසුව මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය
කුකුළු ගොවිපොළවලට දැඩි හානි සිදුවීමෙන් බිත්තර නිෂ්පාදනය සියයට හතළිහකින් පමණ පහත වැටී ඇතැයි පැවසූ සභාපතිවරයාඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ප්‍රකාශ කළේය.










