• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් සංස්ථාවෙන් හැම අමාත්‍යංශයකටම පස් දෙනෙක් දමයි! I Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ගල්, තෙල් සහ මල්…
Share on WhatsAppShare on Facebook

ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.Sri Lanka Latest News

සෑම අමාත්‍යාංශයක්ම යටතේ පවතින ආයතනවල මතුවන ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බලා සංස්ථාව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් විසඳුම් ලබා දීමට මැදිහත් වීම මෙම නිලධාරීන්ගේ වගකීම බවද එහිදී සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා විය.

කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා වාහනවලට දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද, ඒ ඉල්ලීම් නොසලකා හැරියහොත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ඉඩකඩක් පවතින බවද, එසේ වුවහොත් උත්සව සමයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්විය හැකි බවටද මෙහිදි වැඩි අවධානයකින් සාකච්ඡාවට ගනු ලැබීය.

කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ සේවා ආයතන හෝ හෝටල් සඳහාත් වෙනත් සේවා සැපයුම් ආයතන සඳහාත් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳවද මෙම කමිටුවේදි සාකච්ඡා විය.

ඒ අනුව, එම ආයතනවලින් ඉදිරිපත් වන ඉන්ධන කෝටාවන් පිළිබඳ ඉල්ලීම් සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, එම ඉල්ලීම් අදාල අමාත්‍යාංශ මගින් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR කේත ක්‍රමයක් භාවිතා කිරීමේ වැඩපිළිවෙළ කඩිනම්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීම මෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව හා නිසි කළමණාකරණයකින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඉම්රාන් ඛාන් වෙනුවෙන් පුතා සටන අතට ගනී! පාකිස්තානයට දඬුවම් කරන්නැයි ජිනීවාවලින් ඉල්ලයි! Sri Lanka Latest News

Next Post

බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු වෙලේ ගියානම් ජනාධිපතිතුමාට ලේසියෙන් රුසියාවෙන් තෙල් ගන්න තිබ්බා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.