කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.











