අද දින උසාවි සංකීර්ණයේ නඩු විභාගය අතරතුරදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ.Sri Lanka Latest News
එහිදී බොහෝ දෙනා අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණය තුළදීම වෙඩි තබා මරා දමන තත්ත්වයකට අද ජාතික ආරක්ෂාව දුර්වලව ඇති බවකි.
කෙසේවෙතත් පසුගිය මැතිවරණ සමයේදී තරුණ නළුවකු වන චරිත් අබේසිංහ සහභාගී වූ දේශපාලන වැඩසටහනකදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බැවින් තමන් තුවක්කුවක් ලබා ගන්නා බව ප්‍රකාශ කළේය.
එහිදී සිරස මාධ්‍යවේදීන් පුන පුනා කියා සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති බවත්, තමන් මධ්‍යම රාත්‍රියේදීත් තනිවම නිවසට යන බවත්ය.
මේ බව පවසමින් ඔවුන් එදා චරිත් අබේසිංහව සමච්චල් කිරීමට පියවර ගත්හ.
නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද?
එදා චරිත් අබේසිංහ කී දේ අද සනාථ වී තිබෙනවා නොවේද?
එදා කතාව
මෙරට සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව 2024.11.05 දින සිරස රූපවාහිනියෙන් විකාශය වූ ‘සටන’ දේශපාලන සංවාදයේදී සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක චරිත් අබේසිංහ පැවැසුවා. ඔහු සිය පෞද්ගලික ආරක්ෂාවට පිස්තෝලයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වූ කතාබහක් එම සාකච්ඡාවේදී ඉස්මතු වූ අවස්ථාවේ වැඩසටහන මෙහෙයවූ සුරංග සේනානායක, ඔමායා කෝවිලගොඩගේ යන මාධ්‍යවේදීන් ඔහුගේ එම ප්‍රකාශය දැඩිව විවේචනය කළ අතර, ඔවුන් කියා සිටියේ රට තුළ කිසිදු අනාරක්ෂිත වාතාවරණයක් නොමැති බැවින් එලෙස පිස්තෝලයක් ඉල්ලා සිටීම හාස්‍යජනක ක්‍රියාවක් බවයි. එහිදී මාධ්‍යවේදීන් සහ චරිත් අබේසිංහ අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඔබ පිස්තෝලෙ ගන්නවද?
චරිත් අබේසිංහ
ඔව් ගන්නවා.
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඇයි දැන් ඔබට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද?
චරිත් අබේසිංහ
ඔව්. ඔයාට මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැද්ද?
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
නෑ. ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නෑ මට. මම සාමාන්‍ය පුරවැසියෙක්. මම නිදහසේ කටයුතු කරනවා. මම කාන්තාවක්. රෑ 2ටත් මම සටන ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර යනවා. මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑනේ.
චරිත් අබේසිංහ
ඒක චරිත් අබේසිංහගේ පෞද්ගලික දෙයක් නෙවෙයි. මම එතකොට රාජ්‍යයේ කොටස්කාරයෙක් වෙනවා.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඉණේ තියෙන පිස්තෝලේ…
චරිත් අබේසිංහ
මගේ ඉණේ පිස්තෝලයක් කවදාවත් තියාගෙන ඉඳලා නෑ මම.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඔයාට පිස්තෝලයක් මොකටද ජනතා නියෝජිතයෙක් වුණාම?
චරිත් අබේසිංහ
ඇයි ඒක පෞද්ගලික අදහසකින් ගන්නේ? මේ රටේ ජනාධිපති කෙනකුට, මන්ත්‍රී කෙනකුට, ඇමැති කෙනකුට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නැද්ද? ඒ තරම් ප්‍රාථමික තැනකින්ද ඔයා මේක දකින්නේ?
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඡන්දේ ඉල්ලන ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ජනතාව හරි ප්‍රාථමිකයි කියලා. ඔන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ.
චරිත් අබේසිංහ
ජනතාව නෙවෙයි ඔයා ප්‍රාථමිකයි.










