ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිමට නියමිතය.
අද පෙරවරු 10.00ට පියතුමන් රහස් පොලිසිය වෙත පැමිණිමට නියමිත බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන කාර්යාලය නිවේදනය කළේය.
පාස්කු ඉරිදා සිද්ධියට අදාළව සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් කල පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය සිදු කෙරේ.










