පරිසර අමාත්‍ය සයිනුල් ආබ්දීන් නසීර් අහමඩ්ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය යළි ඇති කිරීමට පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම පවසයි.Sri Lanka Latest News
එය අන්ත දූෂිත දේශපාලන පක්‍ෂ ක්‍රමයක් පිරිසිදු කිරීමට උපකාරී වේද යන්න පිළිබඳව ‘ද අයිලන්ඩ්’ පුවත්පත කළ විමසීමකදී ආචාර්ය උඩුගම මහත්මිය මෙසේ පැවසීය.
“දේශපාලන පක්‍ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම සහ දේශපාලකයන්ගේ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් අපගේ දේශපාලන ක්‍රමය විනාශ කර තියෙනවා. කනගාටුවට කරුණක් නම්, නීති පද්ධතිය විසින්ම මෙම කඩකිරීම් සඳහා සැලකිය යුතු ප්‍රමාණයකට පහසුකම් සැලසීමයි.
එම පසුබිම තුළ, නසීර් අහමඩ් එදිරිව මුස්ලිම් කොංග්‍රසය පැවරූ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පුරවැසියන්ට ආශිර්වාදයක්. උසාවි තීන්දුවේ හරය නම් දේශපාලන පක්ෂ සාමාජිකයන් නෙරපා හැරීමට පෙර ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කළ යුතු අතර, එම මූලධර්මවල පාරිශුද්ධභාවයේ රැකවරණය පතන සාමාජිකයන් ප්‍රතිපත්තිගරුක විය යුතු අතර සද්භාවයෙන් ක්‍රියා කළ යුතු බවයි.’
මෙහිදී මන්ත්‍රීවරයා 2022 විසර්ජන පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් තම පක්ෂයේ ප්‍රතිපත්ති දැන දැනම උල්ලංඝනය කර ඇති බව අනාවරණය විය.
‘ඔහු හෘද සාක්ෂියට එකඟව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්නේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටියදී. පුරවැසියන් වන අප එය හොඳ ප්‍රයෝජනයට ගන්නේ නම් ශ්‍රී ලංකාවේ අශුද්ධ දේශපාලන සංස්කෘතිය සදාචාර සම්පන්න කිරීමට මෙම තීන්දුව බොහෝ දුර යා හැකියි. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී ධුරය අහිමි වන තීන්දුව අප දිගින් දිගටම ඉල්ලා සිටිය යුතුයි. තේරී පත් වූ නියෝජිතයින් විසින් අවස්ථාවාදී පක්ෂ මාරු කිරීම ඡන්දදායකයින්ගේ පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. නීති පද්ධතිය එවැනි උල්ලංඝනයන්ට අවසර දීම විහිළුවක්. නීතිය වෙනස් විය යුතුයි.” යැයි ඇය සදහන් කර සිටියාය.










