‘අස්වැසුම’ සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ජූලි 10 වැනිදායින් අවසන් විය.
ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ පිළිබඳ සඳහන් වන මාධ්‍ය නිවේදනය පහත අමුණා ඇත.










