වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා විසින් ආණ්ඩුවට දැනුම්දී තිබේ.
ලංකා ඉන්දීය සමාගම තම බෙදුම් හල්වල ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීමක් කළ බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විට සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 32.50ක් හා පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් පහකට ආසන්න අලාභයක් ලබන බවද ඔහු පැවසීය.
මේ පිලිබදව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු ද සඳහන් කළේ ඉන්දීය තෙල් සමාගම සිය මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන මිල ගැන තින්දුවක් ගැනිමට තෙල් සංස්ථාවට ද සිදු විය හැකි බවයි.
නමුත් රජයක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් සාකච්ඡා නොකළ බව ද හෙතෙම පැවසීය.










