දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදු වූ අනතුරෙන් පසුව ඊයේ රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.Sri Lanka Latest News
මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පැවති බව වැඩසටහන් සංවිධායකයින් පවසා තිබෙනවා.
මෙම ප්‍රසංගය අවස්ථාවේදී දේශාපාලඥයකුද එහි සිට ඇති බවක් දැනගන්නට ඇති අතර ඒ පිළිබද ඡායාරූපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
කෙසේවෙතත් පසුව එම ඡායාරූපය අදාළ ෆේස්බුක් පිටුවලින් ඉවත් කොට ඇති බවක්ද දැකගන්නට ඇත.
ඒ අනුව අදාළ දේශපාලඥයා එහි සිටියාද නැද්ද යන්න පිළිබදව නිල තොරතුරු නැතත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ලොකු කතාබහක් ක්ෂේත්‍රයේ මතුවී ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2024 ධාවන පථයේදී සිදු වූ අනතුරින් ජීවිත ගණනක් අහිමි වීම පිළිබඳව ඔවුන් කණගාටුව පළ කරන බවයි Fox Hill Journey නමින් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහනෙහි නිල ෆේස් පිටුවෙහි සඳහන් කර ඇත්තේ.









