ETI අධ්යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CIDයට නිකුත් කළ නියෝගයකට අනුවය.
එමෙන්ම නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන පවග්වාගෙන යාම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබිණ.










