දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. (Sri Lanka Latest News)
මෙම තීරණය ගෙන ඇත්තේ ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.
ඒ අනුව,
1. ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
2. එක්සත් ජනතා නිදහස් සන්ධානය
3. එක්සත් ලංකා පොදුජන පක්ෂය
4. එක්සත් ලංකා මහා සභා පක්ෂය
5. ලංකා ජනතා පක්ෂය
6. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ
යන පක්ෂවලට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙන බව සඳහන් වේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවය.










