බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් සියයකට ආසන්න වනු ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි පවසයි.
මේ වනවිට බිත්තර මිල රුපියල් 50 – 60 අතර සීමාවේ පවතින්නේ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම නිසා නොව මිල වැඩිවීම මත බිත්තර පරිභෝජනය බරපතළ ලෙස අඩුවීම නිසා බව ත් ඉදිරි උත්සව සමයේදී විවිධ අවශ්‍යතා මත බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ යනු ඇති බවයි ඔහු පේනවා දෙන්නේ ?
රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුව ඊයේ (දෙසැ. 4) මහනුවර පැවති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති
“මා මන්දපෝෂණය, පෝෂණ ඌණතා, ආහාර හිඟය ගැන තමයි අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම අභියෝගයක්. කුඩා දරුවාගේ සිට ගැබිනි මව මෙන්ම කිරිදෙන මව දක්වා ම මේ ප්‍රශ්නය බලපාලා. පහසුවෙන් ම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන්නේ සත්ත්ව ප්‍රෝටීන වන බිත්තර, කිරි හා මස්වලින්. ඒත් අද මේවාහි මිල ගණන් ඉහළ ගිහින් තිබීමත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාත් සමාජය තුළ විශාල ගැටලුවක් ඇති වෙලා. ජනතාවට අවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන් බාධාවකින් තොරව ලබාදීම සඳහා තමයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු අංශ හැදිලා තියෙන්නේ. නිලධාරීන් ගැටලු ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ තියෙනවා විතරයි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් නෑ.
නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු හා කිරි ගොවීන් දැඩි අර්බුදයක ඉන්නේ. විදුලි බිල, ඉන්ධන මිල, අමුද්‍රව්‍ය මිල ඔවුන්ට දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහින්. මේ වෙලාවේ තමයි පශු වෛද්‍යවරු බිම් මට්ටමට ගිහින් ඔවුන්ට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ධෛර්යවත් කරන්න ඕන වෙලාව. ක්ෂේත්‍ර නිලධාරීන්ට රාජකාරි සඳහා සතියකට දෙන්නේ පෙට්‍රල් ලීටර් 4යි. මේ ගැන ඇමතිවරයාට මෙන් ම නිලධාරීන්ට කිව්වා. තාමත් විසනඳුමක් නැහැ. මේකට ඉක්මන් විසඳුමක් නොදුන්නොත් අපේ ආහාර සුරක්ෂිතතාවට විශාල හානියක් වෙයි.”