• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුණානිධිට පණ දෙන්න ගිහින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් ලොකු ‌බාල්දියක් පෙරළගනී! නම ගැන ප්‍රශ්නයකුත් ඇවිත්! Sri Lanka Latest News

July 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කරුණානිධිට පණ දෙන්න ගිහින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් ලොකු ‌බාල්දියක් පෙරළගනී! නම ගැන ප්‍රශ්නයකුත් ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා ලෙස පත්කළේ වියත් මගෙන් දේශපාලනයට ආ අනුරාධා යහම්පත් මහත්මියය. ගෝඨාභය ජනාධිපති ධුරය අතහැර පලා යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළද යහම්පත් මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ නැත. නමුත් මාස කිහිපයක් ගතවෙද්දී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරු කිහිප දෙනකු පමණක් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ අනුව නැගෙනහිරින් අනුරාධා යහම්පත් විසිවී ඒ වෙනුවට ජනාධිපතිවරයාට හිතවත් සෙන්දිල් තොණ්ඩමන්ට ආණ්ඩුකාර ධුරය ලබාදීමට පියවර ගැනිණි.Sri Lanka Latest News

තොණ්ඩමන් කෙනෙක් නෙමෙයි!

කෙසේ වෙතත් සෙන්දිල් ආණ්ඩුකාරවරයා ලෙස නැගෙනහිරට පැමිණීමෙන් පසු මුලින්ම ගැටුම පටන්ගන්තේ නැගෙනහිර ආණ්ඩුවේ ප්‍රභලයා වන අමාත්‍ය නසීර් අහමඩ් සමගය. මෙම ගැටුම කෙතරම් දුරදිග ගියාද කියනවා නම් තනතුර භාරගෙන මාසයක් යන්න කලින් දෙදෙනා අතර ගැටුම් ආරම්භ වූ ආකාරයක් දැකගත හැකි විය. වරක් නසීර් අහමඩ් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සෙන්දිල් තොණ්ඩමන්ට ප්‍රහාර එල්ල කරන තැනට තත්ත්වය උග්‍ර වී තිබිණි. මෙම මාධ්‍ය හමුවේදී නසීර් කවුරුත් නොදැන සිටි රහසක් හෙළිකිරීමටද පියවර ගත්තේය. ඒ, සෙන්දිල් තොණ්ඩමන්ගේ නම පිළිබඳවය. එහිදී නසීර් කියා සිටියේ සෙන්දිල් තොණ්ඩමන්, ‘තොණ්ඩමන්’ පවුලට අයත් නොවන්නකු බවත්, තොණ්ඩමන් නම ගත් අයකු යැයි කියාය.

සෙන්දිල් මුත්තු විනයාගම්!

ඒ අනුව නසීර් අහමඩ් කළ අනාවරණය පිළිබඳ සොයාගෙන යද්දී එම කතාව ඇත්තක් බව අපටද දැනගන්නට ලැබිණි. සෙන්දිල් තොණ්ඩමන් යනු වතුකරයේ ප්‍රබලයා වූ ආරුමුගම් තොණ්ඩමන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාය. ඒ අනුව සෙන්දිල් තොණ්ඩමන් ආරුමුගම් තොණ්ඩමන්ගේ ඥාති පුතෙකි. ඔහුගේ සත්‍ය නම සෙන්දිල් මුත්තු විනයාගම්ය. සෙන්දිල්ගේ පියා ආහාර ද්‍රව්‍ය ආනයනය කොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන අතර පිටකොටුව 4 වැනි හරස් වීදියේ විශාල වෙළෙඳ ආයතනයක්ද ඔවුන්ට හිමිය.

කරුණානිධිට පණ දෙන්න යයි!

කෙසේ වෙතත් නැගෙනහිරට අඩිය තැබූ සැණින් ආණ්ඩුවේ නැගෙනහිර මුස්ලිම් නායකයන් සමග බකට් එකක් දමාගත් සෙන්දිල් මේ වන විට ආරම්භ කොට ඇති දේශපාලන ව්‍යාපෘතියක් හේතුවෙන් නැගෙනහිර දෙමළ ජනතාව සමගද යම් විරසකයක් ගොඩනගාගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුවී ඇත්තේ සෙන්දිල් මේ වන විට තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්. කරුණානිධි මහතාගේ ගුණසමරුවක් මහ ඉහළින් නැගෙනහිර පැවැත්වීමට සැලසුම් කර තිබීමය. ඒ සම්බන්ධයෙන් සෙන්දිල් දැනටමත් තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා වන කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවක්ද ආරංචිය.

ස්ටාලින්ටත් පණිවුඩයක්!

සාමාන්‍යයෙන් සෙන්දිල් වතුකරය නියෝජනය කරන නිසා තමිල්නාඩුව සමග දේශපාලන සබඳතා පැවැත්වීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මේ වන විට පැනනැගී ඇති ගැටලුව වී ඇත්තේ සෙන්දිල් එය නැගෙනහිර පළාතේ ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීමය. දැනටමත් නැගෙනහිර සිටින මුස්ලිම්, දෙමළ දේශපාලන නායකයන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ සෙන්දිල් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් නැගෙනහිර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම පක්ෂ නායකයන් දැනටමත් මීට විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ටද පණිවුඩ යවා ඇති බව සඳහන්ය. ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ සෙන්දිල් හරහා මෙවැනි උත්සවයක් නැගෙනහිර පැවැත්වීමට කටයුතු නොකරන ලෙසටය. ඒ අනුව ඉතා කෙටි කාලයක් ඇතුළත් සෙන්දිල් නැගෙනහිර පළාතේ මුස්ලිම් හා දෙමළ දේශපාලන නායකයන් සමග ගැටුම් කිහිපයක්ම ඇතිකර ගැනීමට කටයුතු කොට තිබීම හරහා සෙන්දිල්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ප්‍රමිතියෙන් තොර හා ලියාපදිංචි නොකළ බෙහෙත් ගැන තොරතුරු රැසක් හෙළිවුණා! බෙහෙත් ගැන විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් පටන් ගනී! Sri Lanka Latest News

Next Post

මැදපෙරදිග ගෘහසේවයට ගිය ජාතික රිටි පැනීමේ ශූරිය සචිනි ඩුබායි පුවත්පතකට කතා කරයි! රට දාලා යන්න වෙච්ච හේතුව ලෝකයටම කියයි! ඩුබායි කොන්සල් ජෙනරාල් සචිනිව හොයාගෙන එයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.