කොවිඩ් වසංගත මුල් අවධියේදි මිත්‍යාව පසුපස ගිය බවත් පසුව එයින් ගොඩ ආ නොහැකි බව තේරුම් ගත් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
“මේ මිත්‍යාවල් පිටුපස්සේ, වසංගතය ආරම්භයේදී අපි දිව්වා. මතකනේ මුල් කාලේ පැණිවලට තිබුණ ඉල්ලුම. පැණි බෝතලයක් ගෙනත් දෙන්න කියලා මට මේ මන්ත්‍රීවරු කීදෙනෙක් කියලා අත්ද? පැණි බීලා කොරෝනා සනීප කරන්න පුළුවන් කියලා අපි හිතුවා. මුට්ටි දැම්මා ගංඟාවලට ගිහිල්ලා. පිදේනි දුන්නා. මොනවද නොකළේ. පසුව තේරුම් ගත්තා මිත්‍යාවලින් මේකෙන් ගොඩ එන්න බෑ. විද්‍යාත්මක මතය එන්නත්කරණය කියලා” යැයි අලහප්පෙරුම මහතා පැවසීය.










