ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ.Sri Lanka Latest News
සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනය. එම ලැයිස්තුවට අලුතින් ම එක්ව සිටින්නේ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග ය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතාද සිය ඉල්ලා අස්වීම බාර දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පත් කරන ලද සභාපතිවරුන් පස් දෙනෙකු මේ වන විට ඉල්ලා අස්වී තිබේ.










