ඉදිරි දින කිහිපය ඇතුළත තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ඔවුන් දරන අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ සඳහා හේතු වී ඇත්තේ මෙම අමාත්‍යවරුන් පොහොට්ටුව සමග සමීප සබඳකම් පවත්වන බවට තොරතුරු වාර්තා වී තිබීම සහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන බවට ලැබී ඇති චෝදනාවන්ය.
ආණ්ඩුවේ විශාල පිරිසක් මේ තත්ත්වය පෙන්වා දීමෙන් අනතුරුව ඇතැම් අමාත්‍යවරුන් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ජනාධිපතිවරයා පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත්, මොහාන් පී. සිල්වා සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමට පියවර ගත්තේය.










