වරප්‍රසාද ගැටලුව වෙනුවෙන් කතානායකවරයා සමග සභානායකවරයා සමග ජනාධිපතිවරයා සමග හමුවී මෙන්ම දුරකථනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට ආවේ විසදුමක් නොමැති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, ක්‍රමවේදය ගැන කතානායකවරයාම කතා කළත් අද වන විට සම්ප්‍රදාය විනාශ වී ඇති බවත් සියලුම මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිරීති සම්ප්‍රදායන් ඇති පොත් කියවන ලෙස යෝජනා කළ බවත් මෙ අය මිත්‍රත්ව සංගම්වල ඡන්ද තියන්න පවා හැදු බවත් මේව සම්ප්‍රදාය නොවන බැවින් නම්‍යශීලී වී විපක්ෂයට කමිටුවල නියෝජන සදහා අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද සමූපාකාර ඡන්ද සදහාද මර්දනය බවත් කඹුරුපිටියේ පවා මර්දනය බවත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පවා අයි එම් එෆ් එකට විරුද්ධව කතා කිරීමේ දී මර්දනය සිදුවූ බවත් මේ මර්දනය අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










