• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් ගැහිල්ලෙන් පවුලක මාසික වියදම 40000කින් වැඩිවෙනවද? මුදල් අමාත්‍යංශය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

December 29, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වැට් ගැහිල්ලෙන් පවුලක මාසික වියදම 40000කින් වැඩිවෙනවද? මුදල් අමාත්‍යංශය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.Sri Lanka Latest News

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා මහත්මිය මෙසේද පැවසුවා ය.
2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.
පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යාමට අපහසුයි. රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුනා. නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01වනදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.
ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.
නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරමින් සිටිනවා. ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01වනදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමග අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්. බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.
උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා. එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද මහතා
එකතු කළ අගය මත බද්ද අපේ රටේ ආදායම එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමක්. 2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළා. නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණයි. 2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා. අපේක්ෂාව කෙසේවූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම අදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙනවා. එසේ වූවත් ජනතාවට විශාල බලපෑමක් ඇතිවන භාණ්ඩ සහ සේවාවන්ගේ බදු නිදහස් කිරීම් ඉවත් කර නැහැ. අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, ආහාර අතුරින් සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් තවදුරටත් නිදහස් ව පවතිනවා. ඒ වගේම හාල්මැස්සන්, ලොකු ලූණු, කරවල වැනි විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ වන්නේ නැහැ.
ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජානක එදිරිසිංහ මහතා
ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. ඒ අනුව නව මහබැංකු පනත සමඟ කාර්තුමය වශයෙන් රටේ උද්ධමනය 3-7%ක ප්‍රමාණයක පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපගේ ඉලක්කය උද්ධමනය 5% ක පමණ මට්ටමක පවත්වා ගැනීමයි. බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ලෙස වාර්තා වුණා.

පවුලක සාමාන්‍යයෙන් සාමාජිකයන් 4ක් ලෙස සලකනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම 177,687.44 ලෙස සටහන් වෙනවා. ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස සාමාන්‍ය පවුලක වියදම රුපියල් 40,000 කින් වැඩි විය නොහැකි බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇතියි.
නමුත් මහබැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකතන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකතන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි.
මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප 2-3% අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකතනය කර තිබෙනවා. නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා දැනට අප පුරෝකතනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා. සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ. එවැනි ප්‍රකාශ පිළිබඳ අප කණගාටු වෙනවා.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා
මේ වසර සැලකූ විට මේ දක්වා රජයේ ආදායම රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න සීමාවකට ළඟාවී තිබෙනවා. අපේ බලාපොරොත්තුව පැවතුණේ මේ වසරේ මුළු රාජ්‍ය ආදායම රුපියල් මිලියන 2850ක් පමණ වනු ඇතියි. නමුත් එම ඉලක්කය මේ වන විට අප පසුකර තිබෙනවා.
ඒ වගේම 2023 වර්ෂයේදී රජය විසින් පැනවූ බදු මගින් යම් පීඩනයක් ඇති වූවත් ජනතාවගේ අත්‍යවශ්‍ය සියලු සේවාවන් අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කර තිබෙනවා. යම් පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් අසාමාන්‍ය ලෙස භාණ්ඩවල මිල ඉහළ දමමින් කටයුතු කරනවා නම් රජය සහ ජනතාව එක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතිනවා. ලෝකයේ අනෙකුත් රටවල් ගත් විට එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 6-8% අතර මට්ටමක පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වසරේ දත්ත සලකා බැලුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම පවතින්නේ 2.2% වැනි ප්‍රමාණයකයි.
2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. නමුත් එය ප්‍රශස්ත මට්ටම නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සඳහා 2024 අයවැය මගින් ඩිජිටල්කරණය සහ සියලුම ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා
පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.

තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. උපයන විට ගෙවන බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.
මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි. 2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑමදෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-28

SendShareShare
Previous Post

ඩෙංගු-කොවිඩ්..! ඒ මදිවාට ඔන්න රට පුරා සරම්ප පැතිරෙනවලු! Sri Lanka Latest News

Next Post

උණ-කැස්ස-උගුරේ අමාරුව තියෙනවද? ඇඟපත රිදෙනවද? හුස්ම ගන්න අමාරුද? කටහඬ පවා නැතිවෙන්න පුළුවන්! මේ දවස්වල පැතිර යන අමුතු ලෙඩක් ගැන කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙක් කරපු භයානක හෙළිදරව්ව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.