• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනපතා මේ දේවල් කිරීමෙන් පිළිකා හොඳ වෙනවද? ‘දොස්තර ගුප්තා’ කියපු කතාව ඇත්තද? I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
දිනපතා මේ දේවල් කිරීමෙන් පිළිකා හොඳ වෙනවද? ‘දොස්තර ගුප්තා’ කියපු කතාව ඇත්තද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොයෙක් රෝග සඳහා පිළියම් ලෙස නිවසේදීම පහසුවෙන් සකසා ගත හැකි ක්‍රම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙම ක්‍රමයන්හි සඳහන් කර තිබෙන දේ සිරුරට අහිතකර නොවන බව පවසමින්, වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව, දුටු පමණින් මෙම ක්‍රම අනුගමනය කිරීමට ද, බොහෝ පිරිසක් කටයුතු කරන අයුරු අපට දැකගන්නට ලැබෙනවා. Sri Lanka Latest News

නමුත් මෙම ප්‍රතිකර්මයන්හි නිරවද්‍යතාවය සොයා බැලීමකින් තොරව දිගින් දිගටම අනුගමනය කිරීම මඟින්, ඇතැම්විට ඔබ නොදන්නා රෝග තත්වයන් ද මතුවීමේ අවදානමක් පවතිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් සංසරණය වන පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම පිළිබඳ බහුලව සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

පිළිකා වළක්වාලිය හැකි ක්‍රම ලෙස ගුප්තා නමැති වෛද්‍යවරයෙකු විසින් සිදු කළ බවට ප්‍රකාශයන් ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහනක් සංසරණය වුණා. එහි දක්වා ඇති කරුණු නම් මෙසේයි.

වෛද්‍ය ගුප්තා පවසයි: කිසිවෙකු පිළිකාවෙන් මිය යා යුතු නැත;

(1) පළමු පියවර නම් ශරීරයේ සීනි නොමැති විට සීනි සෛල ස්වභාවිකව මිය යාම නිසා සියළුම සීනි පරිභෝජනය කිරීම නැවැත්වීමයි.

(2) දෙවන පියවර වශයෙන් දෙහි යුෂ වීදුරුවක් උණු වතුර වීදුරුවක් සමඟ මිශ්‍ර කර පිළිකා සෛල මාස 1 කට පමණ පසු අඩු වන අතර උණුසුම් ලෙමන් යුෂ පානය කිරීමෙන් පිළිකාව වළක්වා ගත හැකිය. සීනි එකතු නොකරන්න. සීතල දෙහි යුෂ වලට වඩා උණුසුම් ලෙමන් යුෂ ගුණදායකයි. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික වෛද්‍ය විද්‍යාව රසායනික ද්‍රව්‍ය වලට වඩා 1000 ගුණයක් ගුණිතය.

(3) තුන්වන පියවර නම් කාබනික පොල්තෙල් හැදි 3 ක් උදෑසන සහ රාත්‍රී කාලයේ භාවිතා කරන්නේ නම් පිළිකා අවදානම අවම කර ගැනීමයි.

සීනි වැළැක්වීම සඳහා ඔබට ප්‍රතිකාර දෙකම යෙදිය හැකිය. නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ; මම වසර 5 කටත් වැඩි කාලයක් මෙම තොරතුරු හුවමාරු කර ගත්තා. ඔබ වටා සිටින මිනිසුන්ට මෙය කියන්න.

කහ සහ දම් පාට අර්තාපල් පිළිකා වැළැක්වීම.

01. ආහාර, බීම නිතර ආමාශ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි.

02. කිසි විටෙකත් සතියකට බිත්තර 4 කට වඩා ආහාරයට ගන්න එපා.

03. චිකන් සවල (අංකුර ආදිය) ආහාර මඟින් ආමාශ පිළිකාවක් ඇති විය හැක.

04. ආහාර ගැනීමෙන් පසු කිසි විටෙකත් පලතුරු අනුභව නොකරන්න. අපි කෑමට පෙර පලතුරු අනුභව කළ යුතුයි.

05. ඔසප් වීමේදී තේ පානය නොකරමු.

06. සෝයා කිරි අඩුවෙන් පරිභෝජනය කරමු …

07. තක්කාලි පරිභෝජනය කිරීම සඳහා හිස් බඩ (බඩගිනි බඩ).

08. තෙහෙට්ටුවෙන් ආරක්ෂා වීම සඳහා කෑමට පෙර සෑම උදෑසනකම වතුර වීදුරුවක් පානය කරන්න.

09. නින්දට පැය 3 කට පෙර කිසි විටෙකත් කන්න එපා.

10. ජලය වළක්වා ගැනීමෙන් දියවැඩියාව හා අධි රුධිර පීඩනය ඇති විය හැක. පෝෂණයේ ප්‍රධාන කරුණ නම් අධික ලෙස ජලය පරිභෝජනය කිරීම විය යුතුය.

11. උඳුන තුල හෝ ටෝස්ට් වල පිසින ලද ටෝස්ට් ආහාරයට ගැනීම.

12. නින්දේදී දුරකථනය ඔබෙන් ඈත් කරන්න.

13.?- පිළිකාව වැළැක්වීම සඳහා දිනකට වතුර කෝප්ප 10 ක් පානය කිරීම.

14. රාත්‍රිය හැර දහවල් කාලයේදී වැඩිපුර ජලය පානය කිරීම

දින 15 ක් තුළ කෝපි කෝප්ප 2 කට වඩා පානය කිරීම නින්ද නොයාම සහ බඩේ ගැටලු ඇති කිරීමට හේතු වේ.

16. ඔබ අඩු තෙල් ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි. ආහාර දිරවීමට පැය 5 සිට 7 දක්වා කාලයක් ගත වන අතර එමඟින් ඔබට මහන්සියක් දැනේ.

17. සවස 5 න් පසු අඩුවෙන් ආහාර ගන්න.

18. කෙසෙල්, මිදි, නිවිති, වට්ටක්කා, පීච් ඔබට සතුටක් ගෙන දේ.

19. දිනකට පැය 8 කට අඩු නින්දක් මොළයේ ක් රියාකාරිත්වය බිඳ දමයි. දහවල් කාලයේදී පැය භාගයක විවේකයක් ඔබට තරුණ පෙනුමක් ලබා දේ.

20. බේක් කළ තක්කාලි වල අමු තක්කාලි වලට වඩා හොඳ චිකිත්සක ලක්‍ෂණ ඇත.

21. උණුසුම් ලෙමන් යුෂ පිළිකා සෛල විනාශ කරයි. උණුසුම් දෙහි යුෂ අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කරන අතර වැඩි කාලයක් ජීවත් වීමට අපට ඉඩ සලසයි.

අපගේ දෛනික පානය ලබා ගැනීම සඳහා ලෙමන් පෙති 2-3 ක් උණු වතුරට එකතු කරන්න.

ලෙමන් අධික උණුසුම් ජලයේ කටුක සුවඳක් ඉතිරි කරන අතර එය පිළිකා සෛල විනාශ කිරීමට හොඳම ද්‍රව්‍යයකි.

ලෙමන් යුෂ වල විටමින් සී පමණක් අඩංගු වන අතර පීඩනය වළක්වයි.

උණුසුම් දෙහි යුෂ මඟින් පිළිකා පිළිකා වර්ධනය වීම වළක්වයි.

උණුසුම් දෙහි යුෂ වැඩ කරන බව සායනික පරීක්ෂණ වලින් තහවුරු විය.

ලෙමන් සමඟ ප්‍රතිකාර කිරීමෙන් යක්ෂයාගේ සෛල පමණක් විනාශ වන අතර සෞඛ්‍ය සම්පන්න සෛල වලට එය බලපාන්නේ නැත.

ඊළඟට … ලෙමන් අච්චාරු සහ ලෙමන්, ලෙමන් යුෂ, අධි රුධිර පීඩනය අඩු කිරීමට අමතරව ගැඹුරු සනාල රුධිර කැටි ගැසීම වළක්වයි. රුධිර සංසරණය නියාමනය කරන අතර රුධිර කැටි ගැසීම අඩු කරයි. – මෙම ලිපිය කියවීමෙන් පසු අනෙක් අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න!

– ඔබේ සෞඛ්‍යය ආරක්‍ෂා කර ගැනීමට සහ ඔබ අවට සිටින පුද්ගලයින් දැනුවත් කිරීමට අපි බෙදා ගනිමු !!!

– මම පුළුවන් තරම් එය හරවන්න හැදුවා. ඔබ එයට කැමති වේ යැයි සිතමි.

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සටහන් වල දැක්වෙන වෛද්‍ය ගුප්තා පිළිබඳව අන්තර්ජාලය හරහා සෙවීමේදී සහ එම වෛද්‍යවරයාගේ ඡායාරූපය පිළිබඳ Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී Dr Guru Prasad Reddy B.V. නමින් එම වෛද්‍යවරයා හඳුන්වමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ  ඉහත සටහන් පිළිබඳ පමණක් දැක ගන්නට ලැබෙන අතර තවත් අවස්ථාවල වෛද්‍ය ගුප්තා ලෙස වෙනත් අයෙකුගේ ඡායාරූපයක් පළ කරමින් ඉහත සටහන් පළ වී ඇති අයුරු දැක ගන්නට ලැබුණා. නමුත් සත්‍ය වශයෙන් ම එවැනි වෛද්‍යවරයෙක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඉහත සටහනේ පිළිකා සුව කිරීමට/වැළක්වීමට ප්‍රධාන වශයෙන් නිශ්චිත ආහාර වර්ග තුනක් සම්බන්ධයෙන් මෙහි අවධානය යොමු කර තිබේ.

සීනි ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම පිළිකා සෛල මිය යාමට හේතු වේද?

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, සීනි රහිත ආහාර වේලක් ලබා ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම අඩු කරන බවට හෝ පිළිකා වැළදී ඇති විට ශරීරයේ සීනි මට්ටම පවතින්නේ නැති නම් දිවි ගලවා ගැනීමේ අවස්ථාව වැඩි කරන බවට හෝ කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය Sanchia Aranda ABC ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ, පිළිකා සෛලවලට සීනි එක්වීම නැවැත්වීම අරමුණු කොටගෙන සීනි ගැනීමෙන් වැළකීම මඟින්, ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න සෛලවලට අවශ්‍ය සීනි ප්‍රමාණය නොලැබෙන බවයි. එය ඔබේ බර අඩු කරනවා මෙන්ම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු කාර්යක්ෂමතාවයක් ඇති කරන අතර පිළිකාවක් වර්ධනය වීමට ද ඒ ඔස්සේ ඉඩක් ඇති බැවින් සීනි සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම ඇතැම් විට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඇය පවසන්නේ.

සීනි සිරුරට වැදගත් ශක්ති ප්‍රභවයක් සපයන අතර බොහෝ සෞඛ්‍ය සම්පන්න ආහාරවල කොටසක් වෙනවා. නමුත් අධික සීනි පරිභෝජනය තරබාරුකමට හේතු වෙන අතර ඒ ඔස්සේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි. මේ හේතුවෙන් අධික ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට විශේෂයෙන්ම සිනිමය ආහාර පාලනය කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙනවා.

උණු ලෙමන් වතුර පානය කිරීමෙන් පිළිකා වළක්වා ගත හැකිද?

අමෙරිකාවේ සෞඛ්‍ය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ ලෙමන් පිළිකා වළක්වාලනු ලබයිද යනුවෙන් සඳහන් වාර්තාවක දැක්වුණේ, “ලෙමන් යනු සියලු වර්ගවල පිළිකාවලට එරෙහිව ඔප්පු කරන ලද පිළියමක්” සහ “ලෙමන් රසායනික චිකිත්සාවට වඩා 10,000 ගුණයකින් ශක්තිමත්ය” යන ප්‍රකාශයන් නිසැකවම අසත්‍ය බවයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

“පැඟිරි යුෂ වල පිළිකා නාශක විභවය සහ ඒවායේ නිස්සාරණ” පිළිබඳ 2017 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින් නිගමනය වූයේ ලෙමන් පිළිකා වළක්වන බවට ප්‍රකාශ කිරීම සඳහා සායනික අධ්‍යයනවලින් ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ වාර්තාවක් පවසන්නේ පැඟිරි ගෙඩි වල වැදගත් පිළිකා නාශක ගුණ ඇති අතර, ඒවාට පිළිකා සුව කළ හැකි කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මෑතදී සිදු කරන ලද අධ්‍යනයන් කිහිපයක් මත පදනම්ව, වෛද්‍ය විද්‍යාව  සඳහා Arkansas විශ්ව විද්‍යාලය මගින්  මිත්‍යා මත සම්බන්ධව පළ කල  වාර්තාවක් මගින් සඳහන් කරන්නේ, ඇතැම් පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට සහ වැළඳීම අවම කිරීමට ලෙමන් යුෂ සමත්වීම පිළිබඳ මතයක් නිර්මාණය කිරීමෙහි යම් සාධාරණත්වයක්  ඇති බවයි.

කෙසේ වෙතත්,  පිළිකා පිළියමක් ලෙස ලෙමන් සහ ලෙමන් යුෂ වල හැකියාව මෙහිදී සැලකිය යුතු ලෙස අතිශයෝක්තියට නංවා ඇති බව පැහැදිලියි. එනම් ලෙමන් යුෂ වල ඇති ප්‍රයෝජනවත් සංයෝග මඟින් පිළිකා මර්ධනය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් පෙන්නුම් කර ඇති බව මෑත අධ්‍යයනයන් මඟින් පෙනී ගිය ද, දැනට පිළිකා ප්‍රතිකාර සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නා විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව වෙනුවට භාවිතා කර හැකි දෙයක් ලෙස ලෙමන් යුෂ විද්‍යාත්මකව තහවුරුව නොමැත.

දිනපතා උදේට සහ රාත්‍රියේ කාබනික පොල්තෙල් හැඳි 3ක් පානය කිරීමෙන් පිළිකා සුව කළ හැකිද?

සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ වර්ජින් පොල්තෙල් මගින් රසායනික චිකිත්සාවේ අතුරු ආබාධ අඩු කළ හැකි අතර, පොල්තෙල් වල සංඝටකයක් වන ලෝරික් අම්ලය, මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය වීම වළක්වන බව සොයාගෙන ඇති බවයි. පොල්තෙල් පිළිකා සුව කරන බවට සාක්ෂි එහි සඳහන් වී නොමැත. පොල්තෙල් යනු ඉන්ද්‍රජාලික සුව කිරීමේ ගුණ ඇති ආශ්චර්යමත් ආහාරයක් නොවන බවට පෝෂණ පිළිබඳ ඇමරිකානු සංගමය අනතුරු අඟවා ඇත.

Harvard School of Public Health එහි වෙබ් අඩවියේ සඳහන් කරන්නේ, සෞඛ්‍ය හා සම්බන්ධ පොල්තෙල් පිළිබඳ සිදුකරන අධ්‍යනයන් සඳහා භාවිත කරනු ලබන්නේ විශේෂ සූත්‍රයක් භාවිතා කරන ලද 100% මධ්‍යම දාම ට්‍රයිග්ලිසරයිඩ (MCTs) වලින් සාදන ලද විශේෂ පොල්තෙල් යනු සුපිරි වෙළඳසැල් රාක්කවල ඇති වාණිජමය පොල්තෙල් නොවන බැවින් සමහර පර්යේෂණ අධ්‍යයනයන් පොල් ගෙඩියෙන් පිළිකා සුව කළ හැකි බව කියා සිටියද, ඒවා පාරිභෝගිකයින්ට වෙළඳපොලේ පහසුවෙන් ලබා ගත හැකි පොල්තෙල් නොවන බවයි.‍

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක

මෙහි ඇති බොහෝ කරුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නිවැරදිය. නමුත් පිළිකා සම්බන්ධ බොහෝ ප්‍රකාශ නිවැරදි නොවේ. වැදගත්ම දෙය නම් ඔවුන් පිළිකා වැළඳී ඇති රෝගීන් නම් සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස් පිළිපැදිය යුතු අතර නිරෝගී පුද්ගලයන් ද මෙම ක්‍රම තමන්ට ගැලපෙන්නේ කුමක්ද, කුමන ප්‍රමාණය, කුමන ආකාරයෙන් සහ කොපමණ කාලයක්ද යන්න පැහැදිලිව වෛද්‍යවරයෙකුගෙන් අසා අවබෝධ කර ගත යුතුය. එසේ නොවුවහොත් ඔවුන්ට තවත් බොහෝ ගැටලු ඇති වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

factcrescendo

SendShareShare
Previous Post

පිටකොන්ද නැති බයගුල්ලෝ…! තනතුරේ එල්ලිලා ඉන්න දේශපාලන ඇඹලයෝ…! කාදිනල් හිමියන් ‌මේ කියන්නේ කවුරු ගැනද? VIDEO I Sri Lanka Latest News

Next Post

හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි! ටවුන්හෝල් හිරවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් පීරිස් මහතා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණ සිදුකළ අසත්‍ය, පදනම් විරහිත සහ නෛතික පදනමක්...

Read more
මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.