අද දිනයේදී කොළම වෛද්‍යවරුන් වෙනුවෙන් වෙන්කොට ඇති ඉන්ධනහල කිලෝමීටර් ගණන් දිගු පෝලිම් දක්නට ඇති බව දැකගන්නට ඇත.
මෙහිදී ඇතැම් වෛද්‍යවරුන් ඊයේ රාත්‍රියේ සිටම ඉන්ධන පෝලිම්වල සිටි අතර, ඇතැම් වෛiවරුන් අද පෙරවරුවේ සිට ඉන්ධන පෝලිමේ සිටි ආකාරයක් දැකගත හැකි විය.
මේ හේතුවෙන් අද කොළඹ රෝහල්වල යොදාගෙන තිබූ සැත්කම් බොහොමයක් සිදුකිරීමට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ද දැඩි අපහසුතාවට පත්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.










