ගම්පහ මල්වතුහිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සමග පවතින දීර්ඝකාලීන ආරවුලක් මත පාසලේ ආපන ශාලාවට අයිස් සහ මත් කරල් දමා පොලිසියට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා ඊයේ (07) රාත්‍රියේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු විසින්ම අයිස් මත්ද්‍රව්‍ය පැකට් සහ මත් කරල් මෙම විද්‍යාලයේ ආපනශාලාවේ ආහාර රාක්කයේ සඟවා තබා පොලිසියට අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් පාසල් ආපන ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට තිබිණි. අනතුරුව ගම්පහ අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඇය ඉකුත් 06 වනදා සිට මල්වතුහිරිපිටිය පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේය.
අත්අඩංගුවට පත් අවස්ථාවේ ඇය පොලිසියට පවසා තිබුණේ තමන් මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්නා බවත්, යම් බාහිර පුද්ගලයෙක් මෙම ස්ථානයට මත්ද්‍රව්‍ය ගෙනැවිත් දමා ඇති බවත්ය.
lankasara










