‘බොරු කියන්න ඕන නෑ ගෑස් දෙන්න විදිහක් නෑ. අපිට වැඩි මිලට විකුණන්න සිද්ධ වෙනවා. අපිට වෙන විකල්පයක් නෑ.මිල වැඩි නොකළොත් ගෑස් දෙන්නත් බෑ…’ යනුවෙන් නව ලිට්රෝ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී ඒ මහතා සමාගම කෝටි 1000ක් ණය වී ඇති බවද කීය.