කිසිදු හේතුවක් මත සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පාවා දීමට තමන් සූදානම් නැති බවත්, ජන අරගලයේ ඉල්ලීම් වලින් පිට කිසිවක් තමන් සිදු නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බස්නාහිර පළාතේ මහරනුගේගොඩ ධර්මරාජ විද්‍යාලයට සක්වල වැඩසටහන රැගෙන ඒමෙන් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 20 වන පියවර ලෙස රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.
තමන් කිසි විටෙකත් අරගලයේ ජනතා අපේක්ෂාවන් පාවා නොදුන් බවත්, ඉදිරියටත් ඒ අපේක්ෂාවන් පාවා නොදෙන බවත් ඒ මහතා පැවසීය.
රට විනාශ කරන අල්ලියක් සමග එක් වෙනවාට වඩා විපක්ෂයේ සිටීම සතුටක් යැයිද ඒ මහතා යැයි ද ඒ මහතා පැවැසීය.
වරදාන වලට, වරප්‍රසාද වලට ආත්මය පාවා නොදෙමින් විපක්ෂ නායකවරයා ලෙසත් සමගි ජන බලවේගය ලෙසත් මේ රටේ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් තමන්ට අගමැතිකම් අවශ්‍ය නැතැයිද පැවසීය.
රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සමගි ජන බලවේගය හුස්මක් දියත් කළ බවත්, මතු පරම්පරාවේ සුභ සිද්ධිය වෙනුවෙන් සක්වල වැඩසටහන දියත් කළ බවත්, ඒ දරුවන් ගේම ප්‍රයෝජනයට බස්රථ පරිත්‍යාග කළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඇතැම් පිරිස් එය සමාජ සත්කාරයන් වලට දෝෂාරෝපණය කළ බවද පැවසීය.
















