දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයාද වන තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදාරච්චි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගැනීමට පොලිසිය දින කිහිපයක් තිස්සේ විමර්ශන සිදුකළ මුත් ඔවුන් පොලිස් ඇසට වැලි ගසමින් සැඟව සිටි අතර පසුව ඔහු බිරිඳ සමඟ වීරකැටිය පොලිසියට පැමිණ බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.










