• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දියසෙන්ලාගේ උපත සහ ශ්‍රී ලංකා ජනරජයේ විපත…

June 6, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
දියසෙන්ලාගේ උපත සහ ශ්‍රී ලංකා ජනරජයේ විපත…
Share on WhatsAppShare on Facebook

‘පාළු අඳුරු නිල් අහස මමයි – ඈත දිළෙන රන් තරුව ඇයයි….
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන – බලාපොරොත්තුවෙ පැතුම ඇයයි….’

ඔය ගීතයේ කියන ‘ඇය’ (යුවතිය) කවුරුන්දැයි සොයාගැනීමට අපි කල්පනා ලෝකය උඩුයටිකුරු කළෙමු. යුගයෙන් යුගයට, සංසාරයෙන් සංසාරයට නිවන් දක්නා ජාති දක්වා අප හඹායනු ලබන ඒ යුවතිය වනාහි බලාපොරොත්තුව “අපේක්‍ෂාව” බව අන්තිමටම තීරණය කෙළෙමු. මන්ද මිනිසා ඉදිරියට ගෙනයන ධාවක බලය “බලාපොරොත්තුව” බැවිනි. අපේක්‍ෂාව එකිනෙකාගේ සිතැඟි පරිදි වෙනස් වේ. එය භෞතික වස්තුවක් හෝ ස්ථානයක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වයක් හෝ කෙරෙහි විය හැකිය.

දියසෙන් උපත
දරිද්‍රතාවෙන් පෙළෙන්නන්ගේ බලාපොරොත්තුව මුදල් (ධනය) විය හැකිය. විමුක්තිකාමියාට නිර්වාණය හෝ ස්වර්ගය හෝ විය හැකිය. වහලාට ගැලවුම්කාරයකු විය හැකිය. බලාපොරොත්තුව (පැතුම) ඒ අන්දමින් විවිධය.

ගැලවුම්කාරයෝ ඈත අතීතයේ සිටම ආගමික නායකයන්, රණකාමීන් වශයෙන් ලොව පහළ වූහ. වහල් සමාජ බන්ධන බිඳීමට “මෝසෙස්ලා” (පොරොන්දු දේශය) ස්පාටකස්ලා පමණක් නොව මෑත යුගයේ ඒබ්‍රහම්ලින්කන්ලා, නෙල්සන් මැන්ඩෙලාලාද බිහිවූහ.

“අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ” යැයි කියමින් කුංකුනාවේ හිමියෝ ද නුදුරු අතීතයේදී ළතැවූහ. වර්තමාන ජන සමූහයාද එවන් කෙනකුන් බිහිවනතුරු “කවදා පායයිද අපෙ දිනිසුරාණෝ බුදුබව පතා දළ දන්දෙන ඇතාණෝ” යන අපේක්‍ෂාව කරපින්නා නොතිත් ආශාවෙන් ඇඟිලි ගණින්නාහ.

විදේශීය යකඩ සපත්තුවට පෑගී සිටි ශ්‍රී ලංකාවාසීන් ඉන් මිදී වැඩි කලක් යාමට මත්තෙන් සිතුවේ තම විමුක්තිදායකයාණන් ගැනය. අදමිටු පාලනයෙන් පීඩා විඳින ලෝ වැස්සන් මිදවීමට ශ්‍රී විෂ්ණු දෙවියන් නව වරක් විවිධ චරිතාරූඪයෙන් මිනිස් ලොවට පහළව සතුරන් පොලු ගසා සෙත් ශාන්තිය අත්කර දුන්නා සේ අපේ චිත්ත සන්තානයේ පැලපදියම්ව සිටින විමුක්ති සාධක දිනිසුරාණන් ප්‍රාදුර්භූත වනතුරු මහජනයාද බලා උන්හ.

ඒ මනෝමූල චෛතසික මහාසම්මත සමූහ ප්‍රජා ආවේගය උත්සන්නව අවශ්‍යතා උපරිමාන්තයට පත් වූ කල්හි ඊට ආත්මයක් කැවී ජීවන හුස්ම වැටී නාමික පුද්ගලයෙක් ද බිහිවූවේය.

එතුමෝ “දියසෙන් කුමාර” නාමධාරී වූහ. මිනිස් සන්තානයේ උපන් නාමික දියසෙන් කුමාරයා මිනිසාගේ අවශ්‍යතා සීමාන්තිකව ගිය සඳ වරින් වර පහළ වන බව පැරැන්ණන්ගේ මතය වූයේය. ඒ අන්දමින් මෑත යුගයේ පළමුවෙන්ම දියසෙන් කුමරා ජනිත වූවේ නවසිය පනහ දශකයේ මධ්‍ය භාගයේය. ධනපති පාලනයෙන් මහජනයා ගැලවීමටය.

අභිදානය
එතුමාණන් පහළවන්නේද ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා සේම දිව්‍ය ශරීරය හැරපියා අන් වේශයකින් හෙයින් කොයි කවරදා කොයි අන්දමකින් පහළ වන්නේ fදා් හෝයි රට්ටු දෑස් දල්වා බලා උන්හ. (විෂ්ණු විසින් ගනු ලබන වෙනත් ස්වරූපය හින්දූන් විසින් හඳුන්වනු ලබන්නේ “අවතාර” යනුවෙනි)

“දියසේන” කුමාරයාට ලක්වාසීන්ගෙන් ඒ අභිදානය (නම) ලැබීමට ද කරුණු කාරණා වූවේය.

“කාෂිකාර්මික රටක්වන ශ්‍රී ලංකාව ගොවිතැනින් සශ්‍රීක වූ කල්හි රටම බතින් බුලතින් සරුසාර වන්නේය” යන මතය එදා ජනීජනයා අතර මුල්බැස තිබූවකි.ඒ අන්දමින් පොළොන්නරු යුගයේ කෘෂි ආර්ථිකයෙන් රට ස්වයං පෝෂිත කළෝ “අහසින් වැටෙන එක දිය බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යා නොදෙව”යි කී මහා පරාක්‍රමබාහු නරනාථයාණේය.

එතුමෝ “දියසෙන්” නමින්ද අන්වර්ථ වූහයි මුඛපරම්පරා කතාවය.

(“දිය” යන්න ලෝකයටද, ජලයටද, “දෙන්න” යන ක්‍රියාපදයටද යෙදේ. “සෙන් යන්නෙන් මහජනයා සේම නායකයාය යන අරුතද පහදයි.)

එබැවින් රට ස්වයංපෝෂිත කර තමන් සුඛිත මුදිත කිරීමට එන සිහින කුමාරයා මිනිසුන් විසින් දියසෙන් ලෙසින් නම්කරනු ලැබුවේය.

ශුභ මුහුර්තය එළැඹියේය.
අත්තනගල්ල පළාතේ උභයකුල පාරිශුද්ධ බලවත් පවුලක ඉපිද “ආසියාවේ රිදී සීනුව” නමින් ප්‍රකටව මහා බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබන යුගයේදී පවා “සුද්දන්ගේ හොම්බට ඇන්න” බව කියන සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමැති චරිතයට ආරෝපණයවී පනස් හයේ මැතිවරණයට දියසෙන් කුමාරයා පහළවන බව ජන ඝන මන තුළ රැව් පිළිරැව් දුන්නේය.

ඒ දියසෙන් කුමරා වටා රටේ සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු යන පංච මහා බලවේගයම රොද බැඳ ගත්හ.

එමගින් එතුමෝ රටේ මහත් බලයක්ද ලැබුවෝය.

විෂ්ණු අධර්මවාදීන් පොලුගසා දැම්මා සේ මෙතුමාද “බමුණන් මන්ථනය කර (නසා) දැමූහයි” හෙළයේ මහා වියතාණන් වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ඒ වෘතාන්තය “බමුණු කුලය බිඳ වැටීම” යන මැයෙන් එවක තිබූ “රසවාහිනී” සඟරාවට ඉතා දීර්ඝ ලිපියක් ද ලියා සමාජගත කළහ.

කෙරුම් පොජ්ජ
ඒ ආණ්ඩුව යටතේ පැවැති ව්‍යාපාර “ජනසතු” කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව මැතිවරණ පොරොන්දුවක් වූවේය. එවක පොදු ප්‍රවාහන සේවය පෞද්ගලික ව්‍යාපාරයකි. මැතිවරණ පොරොන්දුව අනුව පෞද්ගලික බස් රථ රජයට පවරා ගැනීමෙන් ලං.ග.ම. බිහිවූවේය. වරායටත් ඒ ආනිශංසයම අත්විය. එතෙක් වලව්වලට මෙන්ම පෞද්ගලික (ධනපති පන්තියට) හිමිකාරීත්වය තිබූ කුඹුරු ගොවිතැන් කළෝ ඒ බූදල්කරුවන්ගේ යටත් සේවක පිරිස්ය. “අඳගොවියෝ” වශයෙන් ඔවුහු හඳුන්වනු ලැබූහ. ඔවුන්ගේ කටයුත්ත ඒ කුඹුරු වගා කර “අඳය” නිෂ්පාදනය (අස්වැන්න) හරියට දෙකට බෙදා එක් කොටසක් කුඹුරු හිමියාට දීමය. කුඹුරු හිමියා ගොවිතැනට සහභාගි වූවේ “බැත” (අස්වැන්න) බෙදනදා සේවකයකු කමතට එවීමෙන් පමණි. සියලු වියදම් දරමින් වගා කටයුතු කිරීම අඳගොවියාගේ කාර්යභාරය වූවේය. කුඹුරු තමාගෙන් ඉවත් කර වෙනත් කෙනකුට පවරතැයි යන බියෙන් අඳ ගොවියෝ කුඹුරු හිමියාගේ බැලමෙහෙකම් කළ වහල්ලුද වූහ.

ඒ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවර පිලිප් ගුණවර්ධන මහතා “බොරළුගොඩ සිංහයා” (දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා) අඳ ගොවියාට යහපත සදන කුඹුරු පනත ගෙනාවේය. එමගින් සිදුවුණේ එතෙක් අඳ ගොවියන් වශයෙන් සිටි රටට බත ඇත්ත වශයෙන්ම උපයා දුන් ගොවියාට ඒ කුඹුරුවල අයිතිය ලබා දීමය. උග්‍ර වාමාංශිකයකු වූ ඔහුට අවශ්‍ය වූයේ රදළ පංතියට පහර දීමට හෙයින් ඒ සඳහා කුඹුරු පනත ගෙනා බවද මතයකි.

ඔය කටයුතු (ජනසතුව) කෙරෙමින් වසරක් ගතවන්නටත් පෙරම දියසේන කුමාරයා ඇන ගත්තේය. වලව්කාරයකු වූ එතුමාගේ නෑදෑයන් රොත්තම ඒ පැලැන්තියේය. කුඹුරු පනතින් ඒ පැලැන්තියේ සියලු සාමාජිකයන්ගේ කුඹුරු ටිකට “කෙළවී” ඔවුන්ගේ මෙහෙකරුවන් රජවන බව දුටු ඔවුහු දත්මිටි කන්නට වූහ. ඉඩම්හිමි සියල්ලෝම තම ඥාතිවරිය (මැතිනිය) වටා රොක් වන්නට වූවෝය. “බණ්ඩා අපට කෙළින්ඩ හදන්නෙ” කුඹුරු හිමි ඔවුහු ප්‍රසිද්ධියේම කීහ.

එමගින් දියසේන කුමාරයා නිකම්ම නිකං “බණ්ඩා” වන්නට පටන් ගත්තේය.

ජනසතුව (ජනතාකරණය) යටතේ පාසල් රජයට පවරා ගන්නට යාමෙන් පෞද්ගලික පාසල් පවත්වා ගෙන ගිය පිරිස් වෛර බැඳගත්හ. කතෝලික පාසල් බොහොමයක් පෞද්ගලික වූ බැවින් කතෝලික පූජකවරුන් මෙන්ම ක්‍රිස්තු භක්තිකයෝද වැඩිපිරිසක් එහිදී අමනාප වූහ.

එවක සිංහල පාසල් පවත්වාගෙන ගියේ “පරම විඤ්ඤාණාර්ථ බෞද්ධ (බී.ටී.ඇස්.) සමාගම නමැති ආයතනයෙන් ඉතා දුෂ්කරතා මධ්‍යයේය. (අන්‍යාගමික පාසල්වලට විදේශාධාර නොමසුරුව ලැබිණි. ඒවායේ අධ්‍යාපන මාධ්‍ය ඉංගිරිසියෙනි. බෞද්ධ පාසල් බොහොමයක් ගම්බද දරුවන් පිරි පොල්අතු ගොඩනැගිලිවලය)

බලය ලබාගැනීමට නම් මහජාතියේ සිත්සතන් සංතෘෂ්ඨියට පත්කළ යුතු වූයෙන් (වර්තමානයේ සේම) සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් තවත් මැතිවරණ ප්‍රතිඥාවකි. සිංහල භාෂාව පමණක් රජබස කිරීම නිසා රට ගිනි ගත්තේය. ඒ යෝජනාව ඉදිරිපත් වන විටම ප්‍රකට නීතිඥයකු මෙන්ම කිර්තිධර දේශපාලනඥයකු වූ කොල්වින් ආර්. ද සිල්වා මෙසේ කීවේය. ‘එක රටයි භාෂා දෙකයි. භාෂා දෙකයි එක රටයි.’ (One country two languages.One language two countries.)

(ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී ස්ථාපනය කිීරීමේදී ඒ මහතා ප්‍රමුඛයා වූවේය.) ඒ යටතේ මොටෝ රථවල අංක දීමේදී මුලට “ශ්‍රී” අක්‍ෂරය යෙදීමට ආණ්ඩුව ගත් තීරණය නිසා උතුර දකුණ ඇවිළී මුළු රටම ගිනි ජාලාවක් වූවේය.

රුපියල් කෝටි ගණනාවක දේපොළ අළුවී ගියේය. තට්ටු ගණන් වූ මහා මන්දිර, ගොඩනැගිලි බිමට සමතලා වී ගියේය. පාසල් මාස ගණනාවක් වැසී ගියේය. දහස් ගණනක් ජීවිත විනාශ වූවේය.
දකුණෙන් උතුරට යානොහැකි වූ දමිළ සහෝදර ජනතාව මෙහිම මිහිදන් වූහ. දමිළයන් සමග එතෙක් එකම සහෝදරයන් ලෙස උතුරේ (යාපන අර්ධද්වීපයේ) විසූ සිංහල ප්‍රජාව පවුල් පිටින් එහිම මියගියෝය. මුළු රටම ලේ විලක් විය.

(මරණ බියෙන් පලා එමින් සිටි වයස්ගත වතුකම්කරුවකුට අපේ ගම ආසන්නයේදී (ගංගොඩ-ඉහළ කෝට්ටෙ) එක්තරා උදෑසනක පහරදී මරා වළ දැමීමේ සිද්ධිය එදින සවස ආරංචි වූ පුවතට අනුව ඒ ස්ථානයට ගොස් නික පඳුරක් අසල එකී නන්නාඳුනන අසරණයාගේ මිනීවළ දැකීමෙන් ඇතිවූ සංවේගයෙන් මේ ලියුකරු ලියූ “මිනිස්සු සහ දෙවියෝ” යන කෙටිකතාවට තරගයකින් දිවයිනේ හොඳම සම්මානය ලැබුණු බවද සඳහන් කරමි.)

අතීතයේ සිට රටේ ප්‍රධාන දෙජාතිය අතර තිබූ බැඳීම නොනිමෙන වෛරයට පෙරළුණේ ඒ මෝඩ දුර්දාන්ත අන්තවාදී තීරණය නිසාය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට “ජාතිවාදී පක්‍ෂයක්” යන හංඩුව ලැබීමටද ඒ හේතුවක්ම වූවේය.

ඔය පළමු දියසෙන් සංක්‍රමණය සහ නික්මයාම පිළිබඳ වංශකතාවය.

මාරාවේශ දියසෙන්
දෙවැනි වර දියසේන කුමාරයා පැමිණියේ 2004 මහින්ද රාජපක්‍ෂ වශයෙනි. දේශපාලන කරළියේ උඩුරැවුලක් ඇති නායකයා වශයෙන් පාක්‍ෂිකයෝ ඔහුට ඇති හොඳම සුදුසුකමක් ද හුවාදැක්වූහ.
ඒ වන විටත් උතුරේ ලේ හැලෙමින් තුබුණේය. එහි උච්චස්ථානය 2009 මැයි මාසයේදී එළැඹිණි. ඒ යුද්ධයේ අවසානයයි.

“යුද්ධයක් නිමාවීමෙන් පසුව ඒකාධිපතියකු බිහිවේය” යන්න දේශපාලන සිද්ධාන්තයකි. එහෙත් අගමැති මහින්ද පන්සල් ගියේය. බුදුපිළිමය හිස මතට වැඩියේය. fදා්තට මල්වට්ටිය ගත්තේය. එහෙත් බුදු දහමේ “තාදි” ගුණය (අටලෝ දහම) පවා නොදත්තේය. (පරාජයවී ජනේලයේ එල්ලී සිටීම, කවර ආණ්ඩුවේත් මමයි අගමැති උදාහරණ)

ශ්‍රී ලංකාව ගොඩගැනීමට නම් “මානව හිතවාදී ආඥාදායකයකු බිහිවිය යුතුය” යන මතයක් සමාජගත වූවේය. සමාජ ගත කළා වන්නට ද බැරි නැත.

“ඒ දර්ශනය” ඇතැම් සංඝයා වහන්සේලා ගෙන්මද ආවේය. සත්ව ඝාතනය සහ මාංශ වෙළෙඳාම බුදුන් අනුනොදත්තකි. එහෙත් ඒවා ඉස්ලාම් භක්තිකයන්ගේ ව්‍යාපාර වේ. ඒ සමයේ මාංශ ප්‍රවාහන වෑන් රථවලට පහර දෙන බවට ප්‍රවෘත්ති ද ඒ සමගම ඇසෙන්නට විය.

බේරුවල නගරය යුද පිටියක් විය. අම්පාර නගරයේ කඩ සාප්පු ගිනි ගත්තේය. ගොඩනැගිලි කඩා වැටුණේය. කසාය වස්ත්‍රයක් ඒ පසුපස ඇති බව ද පැවසිණි. වයඹ පළාතේ සිද්ධීන් පසුපස දේශපාලන අවතාර හොල්මන් කළ බවද සමාජගතව ගියේය.

තමා රටේ එකම ආරක්‍ෂකයා යන්න තහවුරු කර රටේ බලය අත්පත් කරගැනීම උදෙසා පාස්කු ප්‍රහාරය ගැන පුවත දැනගත්තද නොදත්තා සේ සිටි බවට ද ඇතැමුනට චෝදනා නැගිණි.

“මියගිය අසරණයන්ගේ රුධිරය ස්වර්ගයට මොරදෙන බව” කාදිනල් හිමිපාණෝ ඉතා සංවේගයෙන් පුන පුනා කීහ. පසුගිය මැයි නව වැනිදා තම ඇම්බැට්ටයන් ලවා ගාලුමුවfදාර භූමිය යකුන් කෙළපු පිටියක් බවට හැරෙව්වේය. “මානව හිතවාදී ඒකාධිපතියා” යන්නෙහි මානව හිතවාදී යන කෑල්ල ඒ වන විටත් වාෂ්ප වී තිබුණේය. අන්තිමේ දී පයාගල ගිය පුංචි මහත්තයකු සේ පවුල පිටින්ම අන්තර්ධාන වූවේය.

ඒ, දෙවැනි වර ප්‍රාදුර්භූත වූ දියසේන කුමාරයාගේ ආගමනය සහ විගමන වෘතාන්තයයි.

දියසේන ප්‍රාදුර්භාවයේ පොදු සාධකය වනාහි මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ ආසන්නයේ වීමය. ඒ අනුව තුන්වැනි වරට දියසෙන් කුමර ප්‍රාප්තිය 2019 ජනාධිපතිවරණයේ දීය. ආරූඪකාමියා ගෝඨාභය රාජපක්‍ෂය. ඔහු අපේක්‍ෂකයා වශයෙන් ප්‍රසූත වෙන්නට හෝ කරවන්නට හෝ මහත් විලි රුදාවක් දරනු පෙනිණි. ඒ සඳහා බොහෝ දෙනෙක් වින්නඹුකම් කළහ.

එසේ වූයේ හෙතෙම ඇමෙරිකානු පුරවැසියකු ද බැවිනි. එහෙත් රටට සෞභාග්‍ය අත්කරදීමට ඔහු නැතිව බැරි බවම කීහ. ඒ සඳහා ඔහුට තිබූ සුදුසුකම් බොහෝ බව පැවසිණි.

හෙතෙම සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්නට පැමිණියේය. නාඹර තල් කඳක් හා සමාන නාගරාජයකු සර්වඥධාතුන් වහන්සේලා රැගෙන පැමිණීම සෞභාග්‍යයේ පෙරනිමිත්ත බව මහා සංඝරත්නය ප්‍රකාශ කළහ.

එහෙත් “සව්” තියා රෝගියකුට “බාර්ලි” ඇටයක් පවා නැත්තටම නැතිවූවේය. රටේ ආර්ථිකය “නෙවලල්ලෙන් පුවක් ගහේ බහිනවා සේ” පල්ලං බැස්සේය.

වෙසමුණි
ජනාධිපතිගේ ක්‍රියාවලිය ඔහුටම පාරා වළලක් වූවේය. මුලදී කොන්කරනු ලැබූවන් දණ නමන්නට සිදුවූවේය. දමිළ සහ මුස්ලිම් ජනතාව වපර ඇසින් දුටු ඔහුට මැතිවරණය ආසන්නයේ යාපනයට ගොස් දමිළයන් සනසන්නට කැබිනට්ටුවට පවා නොගැනුණු ඉස්ලාමිකයන්ගෙන් කෙනකුට මුදල් ඇමැතිකම පිරිනමන්නටත් දෛවයේ සරදමට අනුව සිදුවූවේය.

නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන්ට බැනවැදුණු ඔහුට නන්දලාල් වීරසිංහ මහතා ළඟ වැඳවැටෙන්නට සිදුවිය. නොදෙන වධදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට රටේ ආරක්‍ෂක ඇමැතිකමත් තුට්ටු දෙකට දමා සැලකූ සජිත් ප්‍රේමදාසට අගමැතිකම භාරගන්නත් කීවේය. ඉන්දියාවේ හිඟන්නෝ ඔහුට හිඟමන් දුන්හ. විද්වතුන් පලවා හැර මීහරකුන්ගෙන් උපදෙස් ගත් බැවින් සියල්ල උඩුයටිකුරු කෙළේය.

නීතිය වල් වැද්දුවේය. (දුමින්ද සිල්වා උදාහරණයකි)
ඩීසල් පැට්‍රෝල් සඟවා ගෙන සිටි බවට ඇතැමුන් අත්අඩංගුවට ගනු ලැබූවද අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආණ්ඩුකාර මහීපාල හේරත් (ගබඩාවක) යූරියා මිටි හාර සියය බැගින් සහ ජොන්ස්ටන්ගේ නිවෙසේ ගෑස් සිලින්ඩර් අසූවක් තිබණත් ඒ ගැන කටඋත්තරයක් හෝ ගත් බවක් දැනගන්නට නැත.
අන්තිමේදී මම ෆේල් කී ඔහු දැන් “ආලවක යක්‍ෂයාගේ” චරිතය රඟපායි.

ආලවකයා බුදුන්වහන්සේට විමානයෙන් බැහැර වන්නටත් යළි වඩින්නට අණකළ පරිදි ගෝඨාද ගොවියනට එදා රසායනික පොහොර නොදමා ගොවිතැන් කරන්නත් දැන් රසායනික පොහාර යොදා ගොවිතැන් කරන්නත් කියමින් නාහෙන් අඬයි.

ගම්මු කියන පරිදි ඇත්තටම මේ උදවියට දෙවෙල් වැදිලා වත්ද?

”මහින්දගෙ කඳයි (කවන්දය) රනිල්ගේ හිසයි බද්ධ කළ යුතු බව මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කීහ. දැන් ඒ දේ සිදුවී තිබේ. එහෙත් හිස කොයි පැත්තට සිටින්නට බද්ධ කෙරී ඇත් දැයි ගැටලුවකි. මන්ද ඔය කාටවත් ඉදිරිය නොපෙනෙන බැවිනි. ඊට හේතුවක් තිබේ.

“මහසෝනා” (සොහොන් යකා) නොහොත් ජයසේනා “ගෝඨිම්බර යෝධයාගේ බිරියට නොසරුප් වචනයක් කී බැවින් යෝධයා එල්ල කළ පා පහරකින් මහසෝනාගේ හිස ගැලවී යොදුන් ගණනක් ඈතට වීසිවූයේලු. ඒ අවස්ථාවේ මහසොහොන් බිරිය කිසියම් ඍෂි වරයකු ළඟ වැඳවැටී විලාප නගන්නට වූයෙන් පළමුව හමුවෙන කාගෙ හෝ හිසක් ගෙනැත් දෙන්නට කීවේලු. ඇයට හමුවූ පළමු සත්වයා “වළහකු” බැවින් උගේ හිස ගෙනැත් දුන්නේලු. ඒ හිස සවි කරන ලෙසට කීවිට හදිසිය නිසා ඇය විසින් වළස් හිස අනිත් පැත්තට තැබුවේලු. එවක් පටන් මහසෝනාගේ හිස අනිත් පැත්තට බව මහසොහොන් (ජනකතා) පුරාණයේ කියයි.

මුරුත්තෙට්ටුවේ නායක හාමුදුරුවන්ගේ “ගුරුකම” (උපදේශය) හරියට ඉෂ්ටසිද්ධ වූයේද? නැතහොත් ඒ කාර්යය හරියට කෙරෙැණේ ද යන්න ගැන ඒ අනුව සැකයක් පහළවී තිබේ.

මන්ද අගමැතිකම ගැනීමට පෙර සල්ලි අච්චු ගහන බවට අවලාද කී රනිල් වික්‍රමසිංහම දැන් සල්ලි කෝටි දාහක් (10,000,000,000 – ටි්‍රලියනයක්) අච්චු ගහන්න ඕනෑ කියන හෙයිනි.

දියසෙන් කුමර සංක්‍රාන්තිය සමග ඈඳුණු සමීකරණයක් ද ඇත. ඒ දියසෙන් පහළ වූ සෑම අවස්ථාවකම රට ලේ විලක් වීමය.

අප රට නගන්නට හොඳහැටි අනාගතේ
ගෝඨා ගෙනාවෙමු පුරවා මනෝරතේ
මේ ටික කියන්නෙමු ඉපදෙන මගේපුතේ
කවදත් මෙහෙව් කෙළියක් කෙළවෙලා නැතේ

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

21 ගැන පොහොට්ටු රැස්වීමෙත් තීන්දුවක් නෑ! රනිල් මගදි නැගිට ගිහින්!

Next Post

පොලිසියට තග දැමූ දිලිප්ගේ පුතයි ලේලියි බාරවෙයි! වහා අත්අඩංගුවට ගනී!

MORE NEWS

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.