• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිලුයි පොහොට්ටුවයි හැම වෙලාවෙම කියන විදිහට ගෝඨා ආණ්ඩුව බාරගන්න කියද්දී සජබය ආණ්ඩුව ගන්නෙ නැතිව පැනලා ගියාද? ගෝඨාත් එක්ක සාකච්ඡාවට ගිය කණ්ඩායමේ හිටපු ඉරාන් ඇත්තටම වෙච්ච දේ පළමුවරට රටට කියයි! ඒක අමූලික බොරුවක්! රනිල් අගමැති කරන්න රාජපක්ෂවරු කල්තියාම තීන්දුව අරගෙනයි තිබුණේ! අපිට එන්න කියලා කිව්වේ බොරුවට! VIDEO I Sri Lanka Latest News

March 12, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ සාමාජිකයන් නිතරම ප්‍රකාශ කරන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරගන්නා ලෙස ආරාධනා කළවිට සමගි ජන බලවේගය එය බාර නොගත් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය දිනෙක දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News

එහිදී ඒ මහතා කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවත්, ඒ වනවිටත් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට පොහොට්ටුවේ ප්‍රධානීන් තීරණය කර තිබූ බවත්ය.

ප්‍රශ්නය:
බොහෝ දෙනෙකු විසින් ඉස්මතු කරන තර්කය තමයි ජනාධිපතිවරයා නොවන්නට මෙවැන්නක් කළ හැකිව තිබුණේ අන් කවරෙකුටද යන බව. මේ සතියේ එතුමා නැවතත් වෙන කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූ බැවින් ආණ්ඩුකරණ වගකීම තමා භාරගත් බවට ප්‍රකාශයක් සිදු කළා. ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් අර්බුදයෙන් මිදී නොමැති නමුත් ඉදිරි ගමනක නිරත සිටිනවා. එතුමා මේ සතියේ ප්‍රකාශ කළ වචන මේවායි. මෙම වෘත්තාන්තය සම්බන්ධයෙන් ඔබතුමාගේ හැඟීම කුමක්ද? ඔබලා ඒ අවස්ථාවේ ඉදිරියට පැමිණියේ නැත්ද?


පිළිතුර ( ඉරාන් වික්‍රමරත්න මහතා):

මම ඒ වෘත්තාන්තය ප්‍රතික්ෂේප කරනවා. එය ආරම්භයේ පටන්ම ඉදිරියට ගෙන එමින් පැවති වෘත්තාන්තයක්. මා එය ප්‍රතික්ෂේප කරන්නට හේතුව මෙයයි.
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපට ඇමතුමක් ලැබුණා. අදාළ වෙනස්කම් කළ යුත්තේ කවරාකාරවද යන්න සාකච්ඡා කිරීම සඳහා අප පැමිණ එතුමා හමුවන ලෙස එතුමා දන්වා තිබුණා. ඒ දුරකථන ඇමතුම ලද අවස්ථාවේ තීරණය ගනු ලැබුවා. මට නම් වශයෙන්ම කියන්නට පුළුවන් අපගේ පක්ෂයේ මහලේකම් සහ ජාතික සංවිධායක රංජිත් මද්දුම බණ්ඩාර සහ තිස්ස අත්තනායක යන මහත්වරුන්ද, කබිර් හෂිම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද එතුමා හමුවන්නට ගියා. එක් ආකාරයකට එම සාකච්ඡාව මෙහෙයවූ පුද්ගලයා මා යැයි ප්‍රකාශ කරන්නට පුළුවන්. එතුමා විසින් වහා ක්‍රියාත්මක වී මේ ගැටලුව නොවිසඳන්නේ නම් මෙම ගැටලුව මහ පාරට විහිදී යාමේ හැකියාවක් පවත්නා බව මම එතුමාට කීවා. එතුමාට එසේ පැවසූ මා එමගින් රටට දැරීමට සිදුවන සමාජ පිරිවැය අතිශයින් ඉහළ එකක් විය හැකි බැව්ද පැවසුවා. අප විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය ගෙනැවිත් ඇති අතර, එය ගෙන එන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා බවද මම එතුමාට ප්‍රකාශ කළා. එය අප විසින් ගෙන එනවාට වඩා ඔබතුමාම ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මම එතුමාගෙන් විමසුවා. ඔබතුමා තමයි රටේ ජනාධිපතිවරයා, එබැවින් ඔබතුමාම එය මේ මොහොතේ ඉදිරිපත් කරන්නැයිද මම එතුමාගෙන් ඉල්ලා සිටියා. ඔබතුමා එම ධුරය දරන අතර ඔබතුමාගේ පාර්ලිමේන්තුව විසින් එය විමසා බලන තත්ත්වයක එය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැබැවින්ම ජනතාවට වැ‌ටහෙනු ඇතැයිද, අපි හුදෙක් විපක්ෂයේ සිටින පිරිසක් වන අතර, ඔබතුමාට මේවන විටද තුනෙන් දෙකක බහුතරයක් ලබාදී ඇත බවද මම පෙන්වා දුන්නා.

මම මෙකරුණු විස්තරාත්මකව එතුමාට පැහැදිලි කළ අතර, එක් අවස්ථාවකදී මාගේ කථාව අතරමග නතර කළ එතුමා “ඔබ මා සති 2ක් ඇතුළත ධුරය හැරයා යුතු යැයි සිතන්නේද?” යන විමසීම සිදුකළා. එවිට එතුමා දෙසට හැරුණු මම ප්‍රකාශ කළේ “නැහැ. අපට ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි” බවයි. එවිට “නීතිඥ සංගමය විසින් ඒ අවස්ථාව වනවිට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර, ඔවුන් විසින් තමාට ඉවත් වන්නට වසර 1 ½ක කාලයක් ලබාදී ඇති” බවද එතුමා ප්‍රකාශ කළා. මම නැවතත් ප්‍රකාශ කළේ “මේ කාරණය අපට සාකච්ඡා කළ හැකි” බවයි.

මම කාල රාමුවක් ලබාදෙන්නට කටයුතු කළේ නැහැ. එනමුත් මාගේ යටි සිත තුළ සැලැස්මක් තිබුණා. හේතුව, අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් එහිදී එම ධුරය සතු බලය ඉවත් කෙරෙන අතර එම බලය පාර්ලිමේන්තුවට හෙවත් තනි පුද්ගලයෙකු වෙනුවට කණ්ඩායමක් වෙත සංචලනය වෙමින් සමස්ත රට පාලනය කෙරෙන ක්‍රමවේදයේ පූර්ණ පරිවර්තනයක් වන්නට තිබුණා. එවිට ජනපතිවරයා යම් පාලනයකට නතු කළ හැකියි. ඒ අවස්ථාවේ අපගේ මහලේකම්තුමා ප්‍රකාශ කළා “මේ සාකච්ඡාව ඉදිරියට යා යුතු අතර, එසේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අප පාර්ශ්වයෙන් නම් කරන නියෝජිතවරයා ඉරාන් මහතා” වන බවට.

එතුමාගේ කාමරයේ දෙදෙනෙකු – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු – සිටියා. එතුමා “හොඳයි. ඒ අය සාකච්ඡාව ඉදිරියට ගෙන යයි” යනුවෙන් ප්‍රකාශ කළා.

පසු දින මා එතුමා ඇමතූ අවස්ථාවේ මා හට දැනගන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගෙන ඒමේ සැලැස්මක් ඔවුන් තුළ පැවති බවයි. ‘අපි ප්‍රතික්ෂේප කළ බැවින් රනිල් වික්‍රමසිංහට වගකීම භාරදුන්නා’ යනුවෙන් රට පුරා ගෙනයන මේ ප්‍රචාරය පිළිගන්න එපා. අපි ඒ තරම් නිවට අය නොවෙයි. මුළ පටන්ම ඒ අයගේ සැලැස්ම තිබු‌ණේ රනිල් වික්‍රමසිංහව ඉදිරියට ගෙන එන්නටයි. ඒ සාකච්ඡා කාමරයට අප කැඳවීම හුදෙක් ඔවුන් ප්‍රධාන විපක්ෂයට ආරාධනා කළ අතර, සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය වගකීම භාර නොගෙන පැනගිය බවට පසුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ සමස්ත සැලැස්මේ කොටසක් පමණයි.

ඇත්ත වශයෙන්ම එතුමා ඉදිරිපත් වූයේ නම් ඒ අවස්ථාවේ අප පාර්ශ්වයෙන් කොන්දේසි ඉදිරිපත් කරන්නට අපේක්ෂා කළා. ඒ පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ. හේතුව, වීදි බට සහ විරෝධතා ව්‍යාපාරයන්හි නියැළි ජනතාවට අවශ්‍ය වූයේ වෙනසක් – සැබෑ වෙනසක්. අපට ඒ අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්නට අවශ්‍ය වූයේ නැහැ. අපට අවස්ථාව ලැබුණේ නම් අන්තර්වාර රජයක් පිහිටුවන්නට තිබුණා; බොහෝ දුරට ජනතාවට තමා වෙත නායකත්වය ලබාදෙන කණ්ඩායම් පිළිබඳ තීරණය කිරීමට හැකිවන පරිදි වඩාත් කෙටි කාල පරිච්ඡේදයක් ඇතුළත මැතිවරණ කැඳවන්නටද අවස්ථාව පැවතුණා. මක් නිසාද ඒ අවස්ථාවේ පැවතියේ සමාජ නැගිටීමක්. ජනතාවට සැබැවින්ම වෙනසක් අවශ්‍යව පැවතියා.

එබැවින්, සෑම දිනකම ප්‍රචාරය කෙරෙන ඒ ප්‍රවාදය,  වෘත්තාන්තය මම සහමුළින්ම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ සියලු දෙනාම වගකීම් භාර නොගෙන පැනගිය බැවින් රනිල් වික්‍රමසිංහට වගකීම භාරගන්නට සිදුවූයේය යන ප්‍රවාදය ඉදිරියට ගෙන යන්නටයි. මාගේ අදහස නම් ඔවුන් විසින් එය පූර්ව සැලසුමකට අනුව සිදුකළ කටයුත්තක්. එයට බලපෑ බොහෝ හේතු පැවතියා. ඔබ දේශපාලනය පිළිබඳ සිතා බලන්නේ නම්, වික්‍රමසිංහ යනු වසර 50ක් පුරා දේශපාලනයේ නියැළෙන්නෙක්; පවුලක් ලෙස ගත්කල රාජපක්ෂවරුද වසර පනහකටත් වඩා වැඩි කාලයක් පුරා දේශපාලනයේ නිරතව සිටින අය. දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ සිටින මේ සියලු දේශපාලනඥයන් එකිනෙකා පිළිබඳ මනා වැටහීමක්, දැන හැඳුනුම්කම්, ඇති අය. එබැවින්, නිතරම අපට ඇසෙන කථාවන්හි අපට බැලූ බැල්මට පෙනෙන දේට ඔබ්බෙන් වූ යම් සැඟවුණු කථාන්තරයක්ද පවතිනවා. යම් වෘත්තාන්තයක් ඉදිරියට ගෙන ප්‍රචාරය කරවමින් එය ජනතාව ලවා විශ්වාස කරවන්නට උත්සාහ කෙරෙමින් පවත්නා අතර, මම ඒ වෘත්තාන්තය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

SendShareShare
Previous Post

ජාතික ගුරු කවුන්සිලයක් එයි! ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වැඩි කරයි! විභාග සහතික වෙනුවට වෙනත් සහතිකයක්! අධ්‍යාපන කමිටුව ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වී තීන්දු කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අපිට IMF එක හමුවෙන්න රනිල් කපුකම් කරන්න ඕන නෑ! අපිට ඕන නම් අපි IMF එක හමුවෙනවා! 14 වැනිදා IMF එක අපෙන් ඉල්ලීමක් කරලත් තියෙනවා හමුවෙන්න ඕන කියලා! මීට කලිනුත් අපි IMF එක හමුවෙලා තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.