• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සුනාමිය හැදුවේ රනිල්-බැසිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 16, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
සුනාමිය හැදුවේ රනිල්-බැසිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උපාලි ජයවීර, රෝහණ විජේවීර ඝාතනයට පසු පක්ෂ මධ්‍යම කාරකසභාවට පත්වූ ජවිපෙ දෙවැනි පෙළ නායකයෙකි. ඔහු හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු 1990 මාර්තු 06 පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේදී පාපොච්චාරණයක් කළේය. ඒ පාපොච්චාරණයේදී ඔහු පාපොච්චාරණය කළ ප්‍රකාශය පිටු 21ක් පමණය. එහි එක් තැනක ඔහු මෙසේ කියයි.Sri Lanka Latest News

‘1989 නොවැම්බර් 13 මා කලාප රැස්වීමක් සඳහා අනෙකුත් සොහොයුරන් සමග යමින් සිටියදී කඩයක් තුළ තිබූ රූපවාහිනී යන්ත්‍රයකින් නායක රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්වූ පුවත දැක මවිතයට පත්වුණෙමි…’

1989 නොවැම්බර් 13 ජවිපෙ කොන්ද කඩපු දවසයි. එදා උපාලි ජයවීරට තම සදාදරණීය නායකයා අත්අඩංගුවට පත්වූ පුවත දැක ඔහුට ඔහු හිටපු තැනම භූමිකම්පාවක් වූවා සේ දැනෙන්න ඇත.
හරියටම ඉන් වසර 35කට පසු ජවිපෙ ලංකාවේ දේශපාලන භූමිකම්පාවක් කරයි කියලා ඔහු හිතන්නේ නැතුව ඇත. නමුත් එය සිදුවිය.
‘මේ භූමිකම්පාව සහ සුනාමිය ඇතිකළේ කවුද?’

මේ භූමිකම්පාව සහ සුනාමිය ඇතිකළේ රනිල් සහ බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලය.

ඇත්තටම මේ සුනාමිය ඇතිවෙන්න ඉඩ තිබුණේ 2015 යහපාලන ආණ්ඩුවෙන්ය. ඒ, යූ.ඇන්.පී. පොදු අපේක්ෂකයා වී ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ නායකත්වය බලෙන් ලබාගත්තාට පසුවය. එදා මෛත්‍රීට ශ්‍රීලනිප නායකත්වය ගන්න ඉඩ දී මහින්ද දේශපාලනයෙන් ඉවත් වූවා නම් මේ සුනාමිය එන්නේ එදාය.

රනිල් අගමැති වෙන්න මෛත්‍රීව පොදු අපේක්ෂකයා කොට මෛත්‍රී ලවා ශ්‍රීලනිපය යූ.ඇන්.පී.යට දරදිය අදින තැනට පත්කර ගත්තේය. ඒත් ශ්‍රීලනිප පාක්ෂිකයාගේ පරම හතුරා රනිල් විය. ඔවුන් රනිල්ව පිළිගන්න කැමැති නොවීය. ඔවුන් මෛත්‍රීව දුටුවේ ද්‍රෝහියෙකු ලෙසය. මෙය ඉවෙන් දැන මහින්ද, රනිල් සහ මෛත්‍රීපාලට එරෙහිව අලුත් බලවේගයක් හැදුවේය. රනිල් විරෝධී යූ.ඇන්.පී. විරෝධී ශ්‍රීලනිපය මහින්ද වටා ගොනුවිය. මහින්ද එදා පොදුජන පෙරමුණ නොහදා මෛත්‍රීට ශ්‍රීලනිපය රනිල්ට පූජා කරන්න දුන්නා නම් ජවිපෙ කරන්නේ අතරමං වූ මහින්දට 2015 ඡන්දය දුන් ලක්ෂ 57ට නායකත්වය දී ඒ ඡන්ද ඩැහැගැනීමය. මහින්ද ඒකට ඉඩ දුන්නේ නැත. මහින්ද රනිල්වයි මෛත්‍රීවයි පමණක් නොව ජවිපෙත් ඒ හවුලටම තියලා ගහලා රනිල් විරෝධී යූ.ඇන්.පී. විරෝධීන්ගේ වීරයා විය. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨා ඡන්ද ලක්ෂ 69ක් ගත්තේ රනිල් – මෛත්‍රී එක්ක එකතු වෙලා කරපු ඒ දේශපාලන විකෘතියට එරෙහිව මහින්ද සහ රාජපක්ෂ පවුල නැගී හිටපු නිසාය.

ගෝඨා 2019 ජනාධිපති වන්නේත්, මහින්ද 2020 අගමැති වන්නේත් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ මහබැංකු මංකොල්ලය සහ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හිරේට දමනවා කියාය. ගෝඨා දිවුරුම් දෙන දින රුවන්වැලි සෑයට යන එවක අගමැති රනිල්ට ගෝඨාට ඡන්දය දුන් ජනතාව නොනවත්වා ‘හූ’ කියන්නේ ලොකු වෛරයකින්ය.

හැබැයි ගෝඨාවත්, මහින්දවත්, බැසිල්වත්, නාමල්වත් ඔවුන්ට ඡන්දය දුන් මේ 69 ලක්ෂයේ වෛරය හඳුනාගත්තේ නැත. අරගලය වෙලාවේ ඔවුන් රනිල්ට අගමැතිකම සහ ජනාධිපතිකම දෙන්නේ ඒ 69 ලක්ෂයේ වෛරය පයට පෑගෙන දූවිල්ලකටත් ගණන් නොගෙනය. ඔවුන් ඒ වෙලාවේ බලන්නේ ඒ වෙනකොට පවත්වන ඡන්දයකින් ජයග්‍රහණය කළ හැකිව තිබූ සජිත් ප්‍රේමදාසව විනාශ කොට රාජපක්ෂ පවුලත්, ආණ්ඩුවත් ආරක්ෂා කරගන්නටය.

‘ඒ වෙලාවේ සජිත්ට ඉඩ දී ඉවත් වූවා නම් මොකක්ද වෙන්නේ…?’

එහෙනම් සජිත් හදිසි මහ මැතිවරණයකට යයි. සමගි ජන බලවේගය බහුතර බලයක් ගනී. පොදුජන පෙරමුණ ප්‍රධාන විපක්ෂය වෙයි. ජවිපෙටත් මන්ත්‍රීවරු වැඩිවෙයි. ඒත් ජවිපෙ තුන්වැනි බලවේගයක් පමණි.

රාජපක්ෂ පවුල රනිල්ට නොදී පොදුජන පෙරමුණේ ජනප්‍රිය චරිතයකට ජනාධිපතිකම දී මහ ඡන්දයකට යන්න ඔහුට ඉඩ දුන්නා නම් ඒත් පොදුජන පෙරමුණ ප්‍රධාන විපක්ෂයය. සජිත් බහුතර ආණ්ඩුවක් හදයි. ජවිපෙ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගනී.

රාජපක්ෂ පවුල දුරදිග හිතන්නේ නැතිව රනිල්ට ජනාධිපතිකම දීමෙන් රනිල් 2015 මෛත්‍රීව පාවිච්චි කොට නිර්මාණය කළ විකෘතිය රාජපක්ෂ පවුල නිර්මාණය කරනු ලැබීය. බැංකු හොරා, පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ත්‍රස්තයන්ට කිරි පොවපු එකා කියා රාජපක්ෂලාට කී රනිල්ට රාජපක්ෂලා ජනාධිපතිකම දීම 69 ලක්ෂය ඉවසුවේ නැත. ඔවුහු රනිල් සහ රාජපක්ෂ පවුල සමග වෛර බැඳගත්හ. රනිල් ජනාධිපති වී ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හරි කියන්න පටන් ගැනීමත් සමග ජනතාවට විපක්ෂය මොකක්ද කියා තෝරාගත නොහැකි විය. අරගලය වෙලාවේ ඔළුව උස්සන්න බැරිව සිටි ජවිපෙ ඔළුව ඉස්සුවේ රනිල් ජනාධිපති වීමෙන් පසුවය. ‘රනිල් සහ සජිත් එක්වී 2024 ජනාධිපතිවරණයට එනවා’ කියන මතය රනිල් ඔහුගේ මාධ්‍ය ජාලය හරහා මෙරට සියලු ප්‍රධාන පෙළේ මාධ්‍යවල ප්‍රධාන පුවත් බවට පත්කරන විට ‘ඌරන් කැකුන තළන විට හබන් කුකුළන්ට මඟුල්’ කීවා සේ ජවිපෙ ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලි’ කියන රන්ජන් රාමනායකගේ ස්ලෝගන් එක කුලියට අරගෙන හොරු පන්නමු කියලා වැඩේට බැස්සේය. රනිල් උතුරේ මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් දෙන්න ගොස් ටී.එන්.ඒ. එකටත් යනඑන මං නැති කළේය.
බැසිල්ට කල් ගොස් මොළේ පෑදී රනිල්ගෙන් ආණ්ඩුව ඉවත් කරගන්න ගියත් රනිල්ගේ වරදාන වරප්‍රසාදවලට වහල් වී පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු රනිල්ට කඩේ ගියහ. අන්තිමේදී බැසිල් පාර්ලිමේන්තුව විසුරුවමු කියා රනිල්ට යෝජනා කළේය. ඒ වෙලාවේ රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් දිනන්නේ සමගි ජන බලවේගයය. ජවිපෙ විපක්ෂය වෙයි. පොදුජන පෙරමුණත් විශාල බලයක් ගනී. ජනාධිපති වීමේ හීනය සහ සජිත්ගෙන් පළිගැනීමේ වෛරය නිසා රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත.

මෙවර ජනාධිපතිවරණයට පසු මන්ත්‍රීවරු විශාල පිරිසක් ඡන්දයට ඉදිරිපත් නොවී ගෙදර ගියේ අනුර දින්න හින්දා නොව රනිල් සහ බැසිල් පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කොට ඔවුන්ට තරග කරන්න විකල්පයක් ඉතිරි නොකර යූ.ඇන්.පී., සමගි ජන බලවේගය විරෝධී දේශපාලනය ජවිපෙට ලියලා දීලා තිබූ නිසාය.

රනිල් මෛත්‍රී සමග 2015 ශ්‍රීලනිපය විනාශ කළේය. 2020 යූ.ඇන්.පී.ය විනාශ කළේය. 2022 රාජපක්ෂ පවුල සමග පොදුජන පෙරමුණ විනාශ කළේය. ඔහු ඊට පසු මානබැලුවේ සමගි ජන බලවේගය විනාශ කරන්නටය. ඒ වැඩේ හරිගියේ නැත.

ජවිපෙ නොහොත් ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදී අරන් තියෙන්නේ 6,863,186කි. 2020 මහ ඡන්දයේදී පොදුජන පෙරමුණ ගත්තේත් ඡන්ද 6,853,690කි. මේ 2019 සහ 2020 මහජන සුනාමියය. වෙනසක් නැත. 2019 සහ 2020 රනිල් – මෛත්‍රී විකෘතිය ගෝඨා සුනාමිය නිර්මාණය කරනු ලැබීය. 2024 රනිල් – රාජපක්ෂ විකෘතිය අනුර සුනාමිය නිර්මාණය කර ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල් UNP එකත් විනාශ කළා! ශ්‍රීලනිපයත් විනාශ කළා! පොහොට්ටුවත් විනාශ කළා! සිලින්ඩරෙත් විනාශ කළා! අන්තිමේදී තමන් එක්ක ආපු සියලු දෙනාගේම දේශපාලනයත් විනාශ කළා! ඡන්දෙ පැරදිලා ගෙදර ගිය ඔක්කොම අයගේ ලයිස්තුව මෙන්න! I Sri Lanka Latest News

Next Post

30ට නැග්ග පුවක 3ට බහී! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.