ආණ්ඩුවට විරුද්ධව තමන් අප්‍රේල් 22 අදහස් පළ කළ බවත්, මැයි 1 දින සැත්කමක් තමන්ට කළ බවත්, සැප්තැම්බර් පළමු දින ආණ්ඩුව විවේචනය කළ බවත්, ඔක්තෝබර් 1 දින පැය නවයහමාරක සැත්කමක් තමන්ට කළ බවත්, ඇතැමුන් යක්ෂ බන්ධනයක් තමන්ට කර ඇති බව පවසන් බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් ‘අක්කලා’ තමන්ට වෑල් අඹරන බවට තොරතුරු ලැබී ඇති බවකි.
නමුත් ඒ ඇඹරිලිවලට තමන් බිය නොවන බවත්, තමන් අදහන පිරිසුදු ආගමක් ඇති බැවින් තමන් ආරක්ෂා වන බවත් ඒ මහතා කීය.