ප්‍රසිද්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් මලින්ද මීට මාස 6කට පෙර හබරණ ගල්වංගුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගියා.Sri Lanka Latest News
පොලිසිය පවසන්නේ, මලින්ද ඇහැළියගොඩ සිට කන්තලේ දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ බිරිය මේ වනවිට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ මරණය පිළිබද සැකයක් පවතින බවත්, ප්‍රාදේශීය දේශපාලකයකු සමග සමීපව කටයුතු කොට ඉන් ඉවත් වීමත් සමග මෙම සිදුවීම සිදුවූ බවත්ය.
මේ දක්වා නිසි විමර්ශනයක් සිදුව නැති බවද බිරිය චෝදනා කරයි.
මිය යන විට 34 හැවිරිදි වියේ පසුවූ ප්‍රියාන් මලින්ද, රූපවාහිනී සහ ලේක්හවුස් යන දෙකෙහිම ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා.
වනජීවී වාර්තාකරණය සහ ජංගම මාධ්‍යකරණය යන අංශවලින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ක්ෂේත්රයේ ප්‍රසිද්ධියක් ඉසිලූ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා.










