ඊයේ දින මිනුවන්ගොඩ පැවැති රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් පැමිණි රථයකට බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ කේ.ඩී. ලාල්කාන්ත මහතා මීට ටික දිනකට ඉහතදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසින් බවට මේ වනවිට සැකයක් මතුව තිබේ.
එහිදී ජන රැලියකදී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව කුණුබිත්තර සහ කුණු තක්කාලි අතට ගත යුතු බවකි.
මෙම ප්‍රකාශය සිදු කොට දින කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ජවිපෙ මිනුවන්ගොඩ රැලියට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මෙම සැකය මතුව ඇති බවද දැනගන්නට ඇත.










