ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
බෞද්ධ සාසනික උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් සහ අනබිබවනිය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 161 වන ජන්ම දිනය නිමිත්තෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අබියස පිහිටි ශ්‍රීමත් අණගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපප්‍රහාර පිදීමේ වැඩසටහනක් හා රුක් රෝපණ වැඩසටහනක් අද (21) උදෑසන සිදු කෙරිණ ,Sri Lanka Latest News
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ පූර්ණ මග පෙන්වීම හා අනුශාසනා මත සිංහල වීරවින සංවිධානයේ සහ අනගාරික ධර්මපාල පදනම විසින් සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා නාගරික මන්ත්‍රීවරුන් ව්‍යාපාරික හිමිකරුවන් සහ දහම් පාසල් දුවා දරුවන් ගුරුභවතුන් ඇතුළු ප්‍රදේශවාසි විශාල පිරිසක් සහභාගි වී සිටියහ .


















