‘ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම’ විසින් පවත්වාගෙන යන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වූ DP EDUCATION වැඩසටහන යටතේ 121 වැනි DP IT CAMPUS ආයතනය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනෙහි විවෘත විය.Sri Lanka Latest News
පසුගිය 21 වැනි දින මෙම ආයතනය විවෘත කරනු ලැබුවේ ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ නව තොටමුල සහිත බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක සිංහල ශබ්දකෝශයේ හිටපු ප්‍රධාන කතෘ රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යාලෝක පිරිවෙන් මහ විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මනෝ උපාද්‍යයාය අකුරටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ විසිනි.
එහි දැනට ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව 835කි.
















