කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යනු ලබන DP EDUCATION අධ්‍යාපන නාලිකාව සමග මේ වනවිට සිසුන් ලක්ෂ 11කට අධික පිරිසක් සම්බන්ධ වී සිටින බවත්, පසුගිය උසස් පෙළ විභාගයේදී 65%ක ප්‍රතිශතයකින් සිසුන් සමත් වීමට DP EDUCATION අධ්‍යාපන නාළිකාව විශාල පිටුවහලක් වූ බවට අනාවරණය වීමත් සමග මේ වන විට එහි ග්‍රාහකයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් පසුගිය කාලයේදී විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබීමට රටට සිදු වූ අතර සිසුන්ගේ අධ්‍යාපනය විශාල වශයෙන් කඩා වැටෙන පසුබිමක් රට තුළ නිර්මාණය විය.
එම කාලසීමාවේදී මාර්ගගත අධ්‍යාපනයට සිසුන් යොමු කිරීමට අධ්‍යාපන බලධාරීන් සැලසුම් සකස් කළත් තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය සාර්ථක වන බවක් දැකගන්නට නොලැබුණි.
නමුත් එම කාලසීමාවේදී සිසුන් වෙනුවෙන් සහ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ වගකීම බාරගත් ධම්මික පෙරේරා මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ නොමිලේ සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට පියවර ගත්තේය.
ඒ සිය අධ්‍යාපන නාළිකාව වූ DP EDUCATION හරහාය.
එහි සාර්ථක බව මෙවර ප්‍රතිපලවලින් මනාව පැහැදිලි වූයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව 65%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ උසස් ලෙස සමත් වී තිබීම හේතුකොටගෙනය.
බොහෝ සිසුන් සදහන් කරන්නේ පාසල් වසා තිබූ කාල සීමාවේදී DP EDUCATION අධ්‍යාපන නාළිකාව සිය අධ්‍යාපන කටයුතු සදහා බොහෝ පිටුවහලක් වූ බවය.