කොරෝනා රෝගයට ඖෂධයක් යැයි කියමින් ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද පැණිය මේ වනවිට තොග පිටින් වළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන වීඩියෝවකින්ද ඒ බව තහවුරු වී තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අදාළ පැණිය සායනික පරීක්ෂණවලින් පසු ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇත.










